Last Chapter

362 69 166
                                    


හැමදේම හැමදාම පවතින්නෙ නැහැ. ඒත් හැඟීම් මේ විශ්වයට නිදහස් වෙලා විශ්වය පුරාම පැතිරිලා යයි. ඒවා කවදාවත් අතුරුදහන් වෙලා යන එකක් නැහැ. ඒ වගේම මේ ආදර කතාවත් හැමෝගෙම මතකයේ රැඳේවි කියලා විශ්වාස කරමු. ඒත් කවදාවත් කතාවක ප්‍රධාන චරිත වලට වඩා අතුරු චරිත වල කැපකිරීම් ගැන කතා වුනේ නැහැ. මේ පාර අපිට පුළුවන් කතාවක අතුරු චරිත නැත්තං ප්‍රධාන චරිතයටත් පැවැත්මක් නැහැ කියලා ඉගෙන ගන්න. 

ඒක හරියට යුංගිගෙ ජීවිත කථාවෙදි ජිමින්, ටේහ්යොන්ග් සහ නායුන් කරපු කැපකිරීම් නැත්නම් කාටවත් අනාගතයක් නැහැ වගේ.

"ජිමින්..... මං ඔයාව විශ්වාස කරලා මගේ එකම වස්තුව ඔයාට දීලා යනවා. එයාව පරිස්සම් කරන්න ජිමිනා."

"මටත් ඔයාව මතක් වෙයි ටේහ්යොන්ග්. මගේම කොටසක් වුනත් මට කවදාවත් අමතක කරන්න බැරි තරම් යාලුවෙක් වුණා ඔයා."

ටේහ්යොන්ග් ජිමින් ඒ විදිහට සමු ගනිද්දි අනිත් අයත් ඇස් වල කදුළු පුරවගෙන බලන් හිටියා. කිසිම කෙනෙක්ට මේ මොහොත පහසු වුනේ නැහැ. වෙලාව රාත්‍රී එකොලහයි හතලිස් පහයි. තවත් විනාඩි කිහිපයකින් ටේහ්යොන්ග් සදහටම ජිමින්ගෙ ඇතුලාන්තයේ තැන්පත් වෙයි. නායුන් හිටියෙ ඔහු දිහා නොබලා ඉන්න පරිස්සමෙන්. ඒ ආදරණීය ඇස්, හුරතල් හැසිරීම්, ප්‍රියමනාප මුහුණ දකින්න නැතුව ඇයට ගොඩක් පාළු හිතෙයි.

"මැණික....... ඔයාට මාව නැති වෙන්නෙ නෑ. කෝ මගේ දිහා බලන්න. මේ ජිමිනාගෙ ඇතුළෙ මං හැමවෙලේම ඉන්නවා. ඔයාට මාත් එක්ක කතා කරන්න ඕන වුනොත් මෙන්න මෙහෙම ජිමිනාගෙ හදවතට තට්ටු කරලා බලන්න."

ටේහ්යොන්ග් කිව්වෙ කෙල්ලගෙ පපුවට තට්ටු කරන ගමන්. නායුන්ට ඕන වුණා මේ පිස්සු විකාරෙ හැමදාම තමන්ගෙ ලඟින් තියාගන්න. ඒත් මතක තියාගන්න ෆැන්ටසියක් වුනත් මේක ආදර කතාවක්. හැම ආදර කතාවක්ම තමන්ට ඕන විදිහටම ඉවර වෙන්නෙ නැහැ. ඒකයි යථාර්ථය.

"පරිස්සමින් ඉන්න ටේ...... මාව අමතක කරන්න එපා. මං ඔයාට ගොඩක් ආදරෙයි."

"මාත් ආදරෙයි මගේ මැණික..... මං හැමදාම ඔයාගෙ හිතේ ඉන්නවා. ජිමිනා හරහා මං හැමදාම ඔයාගෙ දිහා බලාගෙන ඉන්නම්. හැමදාම ආදරේ කරන්නම්."

Born With Fire || MYG ✓Where stories live. Discover now