Chapter 01

1.1K 93 63
                                    


Mahee Pov

" ලා හිරු කිරණින් විකසිත වන මේ හිමිදිරි උදෑසනේ පතන්නම් උබ සැමට සුබ උදෑසනක් කියා...... "

' අම්මාගේ රෙද්දේ ලා හිරු '

මුන් ඔක්කොම පිස්සු..උදේ 9.30 ට කොහෙද යකෝ ලා හිරු කිරණක් තියෙන්නේ ... ඇත්තමයි එසෙම්බ්ලි එකේ මයික් එක අල්ලන් හෙන පත ෆුල්ස්කැප් කොලයක් පෙරල පෙරල කියෝන නන්ගියේඒඒඒඑ උබ වැරදිලාවත් අපේ පන්ති පැත්තේ එන්න එපා මන් උබට හිරු රැස් දෙපිටින් යන්න පෙන්නවා

එපා වෙනවා.. සරලවම ස්කෝලේ කාලේ මොකද්ද එපාම කරපු දේ කියලා කවුරු හරි ඇහුවොත් ගත් කටටම එසෙම්බ්ලි එක කියලා කියන්න තරම් මට එසෙම්බ්ලි එක පේන්න බෑ. වෙන දෙයක් නිසා නෙමේ අච්චර අපූරුවට එනවුස්මන්ට් එකක් දෙන්න පුළුවන්කම තියන් බොරුවට අටෝප පෙන්න්න අපිව අව්වේ කර කරන නිසා

කොල්ලෙක් උනාම වැස්ස අව්ව ඔරොත්තු දෙන්න ඕනේ තමා . එහෙමයි කියලා ඉතින් පැය ගානක් පෝලිම් වල හිටන් ඉන්න ඕනේද මන් අහන්නේ. අනේ මට බෑ යකෝ. මාව සික් රූම් අරන් පලයාව්ව්ව්ව් මට කලන්තේ වgay 

" හරි තුනයි.. "

එසෙම්බ්ලි එකක් කියන්නේ අනිවාරෙන් කෙල්ලෝ කලන්තේ දාන එකක් වෙද්දි 11 වසරේ පෝලිමේ මැද කෙල්ලෙක් ලස්සනට බිමට ලෑන්ඩ් කරා. පැය බාගෙක ඉදන් භූමි වන්දනා කරපු තුන්වෙනි කෙල්ල 

"අඩෝ ගවුම උඩ යකෝ "

කෙල්ලගේ යාලුවෝ දෙන්නෙක්ද කොහෙද ප්‍රිපෙට් කෙනෙක්ත් එක්කම කෙල්ලව උස්සන් අරන් යද්දි අපේ උන් ටික කෙල්ලගේ ඉස්සිලා තියෙන ගවුම දිහා බලන් කෑ ගහන්න ගත්තා . මහ හයියෙන් නෙමේ හැබැයි වටේ පෝලිම් දෙකකට  වගේ ඇහෙන්න. කරුමේ කොච්චර ද කියනවා නම් එහා පෝලිම් දෙකම සයින්ස් එකයි මැක්ස් එකයි. ශිට් ශිට් මුන් නම්බුව කෑවා

" ගෑනුන්ගේ රෙද්ද අස්සේ බලන්නේ නැතුව ඉස්සර බලපන් අන්න අර වරන්තරාව අපිටම රවනවා "

චාමරයා කෑ ගහලා චාටර් කරපු එකේ කේන්තිය එක්කම උගේ ඔලුවට එකක් ගහලා ඔලුවෙන් පෙවිලියන් එක පෙන්නුවේ අපේ උන්ගේ සද්දේ නිසාම ගුරුවරු කීප දෙනෙක් අපිට රවනවා දැකපු නිසා. ඒකත් ආර්ට් එකේම අය ම්හුක් අප්පා... අද නම් ගමකට කන්න පුළුවන්

කාලසටහන || Yizhan || OnholdWhere stories live. Discover now