Chapter 10

198 27 7
                                    


යෝ වදතං පවරෝ මනුජේසු
සක්‍යමුනී භගවා කත කිච්චෝ
පාරගතෝ බල විරිය සමංගි
තං සුගතං සරණත්ථමුපේමි

රාග විරාග මනේජ මසෝකං
ධම්ම මසංඛත මප්පටිකූලං
මධුර මිමං පගුණං සුවිභත්තං
ධම්මමිමං සරණත්ථමුපේමි

යත්ථ ච දින්න මහප්ඵල මාහු
චතුසු සුචීසූ පුරිස යුගේසූ
අට්ඨ ච පුග්ගල ධම්ම දසාසේ
සංඝමිමං සරණත්ථමුපේමි

චත්තමානවක ගාථා කියලා ඉවර වෙනවත් එක්කම කොල්ලෝ ටික ගාල කඩා ගත්ත හරක් වගේ පන්තියෙන් එලියට දුවද්දි කෙල්ලෝ සේරම බෑග් වලින් එලියට ගත්ත පනා අරන් කොන්ඩ පීරන්න ගත්තා. මුන් මේ බස් එකේ යන ටිකටනේ විකාර කරන්නේ. මල විකාර

" ශාරුක් උබ එන්නේ නෑනේ "

" නෑ උබලා පල. මට අද ප්‍රැක්ටිස් "

" එළ එහෙනම් අපි කැපුනා කොල්ලෝ "

චාමරයායි විහාරයයි මට අත වනන් යද්දි කවුරුත් නැති හිස් පන්තියේ මන් තනි උනා. සමහර පුටු නම් ඩෙස් උඩ හරියට තියලා. සමහර ඒවා අනිත් පැත්ත ගහලා තව කොටසක් උඩට දාලාත් නෑ. කෙල්ලෝ නම් කොහොමත් පුටු ටික හරි ලස්සනට උඩට දාලා යනවානේ. ඒකට අපේ උන්..... ඔක්කොම ලුනු මිරිසුයි පොල් සම්බෝලයි වගේ. අනාගෙනම පිස්සු කෙලිනවා

ඩෙස් උඩ දාලා නොතිබ්බ පුටු ටික ඩෙස් උඩට දාලාම මන් පන්තියෙන් එලියට ඇවිත් දොර ලොක් කරා. පන්තියෙන් අන්තිමට යන කෙනා කොහොමත් පන්තිය ලොක් කරන්න ඕනේ. මන් ඉතින් හැමදාම වගේ ප්‍රැක්ටිස් නිසා දොරටු පාලක වගේ ඉන්නේ මන්.

" හුටා දෙකයි වෙලාව " 

අතේ තිබ්බ සිල්වර් කලර් වොච් එකේ චුටි කට්ට 2 ගාවයි දිග කට්ට 12 ගාවයි තියෙනවා දැක්ක මන් ඉක්මනටම දොරේ යතුරත් අරන් සෙක්ශන් එකට ගිහින් කී රැක් එකෙන් එල්ලලා එහෙමම බෑග් එකත් කරට දාන් මන් පිට්ටනියට දුවන්න ගත්තේ දැනටම ප්‍රැක්ටිස් වලට පරක්කු නිසා

" ශික් මේ කලිසම එක්ක දුවන්නත් බෑනේ මගුල "

වෙනදාට වඩා ඇගට තද සුදු කලිසමත් පිටි පස්සෙන් අතින් ඇද ඇද මන් පිට්ටනිය පැත්තට දිව්වා. දිව්වා නෙමේ දුර අඩි තියලා ඇවිද්දා. කලිසම හිරයිනේ

කාලසටහන || Yizhan || OnholdDonde viven las historias. Descúbrelo ahora