Chapter 08

209 35 19
                                    

උදේ පාන්දර මාගම් සෝලියා එක්ක මගුල් නැටුවාට පස්සේ අර නැට්ට පුකේ ගහ ගත්ත බල්ලා වගේ මන් පන්තියෙන් එලියට ආවා. වස නෝන්ඩිය උනේ හැබැයි. කෙල්ලොත් හිනා උනා. කුඩම්මා මගේ නම්බුව කෑවා. වල් ගෑනි. මිනිහා මදි වෙලා අර කොල්ලා එක්ක බුදියෑවා මදිවට මගේ අසරණ නම්බුවත් කෑවා.

සාමාන්‍යයෙන් කෙල්ලෝ තමා ගොඩක් පොත් කියවන්නේ. කොල්ලෝ කියෝනවා අඩුයිනේ. හැබැයි ඒ අතින් ගත්තොත් අපේ ක්ලාස් එකේ පොත් ගුල්ලා මන්ද කොහෙද. කොහොමත් අපේ ස්කෝලේ මික්ස් ස්කූල් එකක් නිසා ඕපේ සීන් වැඩි. පන්ති වලම කපල් ඉන්නවා නම් උන් මුල්ලක් අරන් ලව් කරනවා. ඒ දිහා බලාගෙන කොල්ලෝ ටික බයට් කරනවා. කොල්ලා ලස්සනයි වගේ නම් කෙල්ලෝ ටික අර කෙල්ලට රවනවා අනන් මනන් කියනවා. ෆී පීරියඩ් කියන්නේම අපෙ ස්කෝලේ ඔය වගේ ඒවා.

ඕවාට මන් නෑ. කොහොමත් මන් ඉන්නේ විහගයි චාමරායි එක්ක විතරනේ. ඒ ඇරත් අනිත් උන් මට ටිකක් බයයි. මන් සෙක්ශන් එකේ මදාවියා නෙමේ. ඌ ඉන්නේ බී එකේ. කොහොමත් ඒලෙවල් මදාවියෝ ඔක්කොම ඉන්නේ ආර්ට් එකේ. ඔය මදාවියොත් හැබැයි මාත් එක්ක කතා නෑ වැඩිය. කෙල්ලෝ නම් කියන්නේ මගේ ලොකු කමලු. සමහර කොල්ලෝ මූනට නොකීවාට උන් කියන්නේ මන් අලි පුක කියලාලු. කොහොම කීවාත් උන් මූනට මොකුත් කියන්නේ නෑ. එකක් උන් මට බයයි. බයටත් වඩා නිකන් කතා කරන්න චකිතයක් වගේ එකක් තියෙන්නේ. සමහරවිට පරන සිද්දි නිසා වෙන්න ඇති. කොහොම හරි දෙවනි කාරනේ මගේ කේන්තිය. උන් මන් කේන්ති ගන්නවාට අකමැති. මන් කේන්ති ගත්තාම ඉන්නේ කොහෙද කා එක්කද මොකද්ද වෙන්නේ මොකුත් දන්නේ නෑලු.

ඔය දේවල් නිසා ඉතින් මන් ෆී පීරියඩ් වලදි කරන්නේ පොත් කියෝන එක. පෙරේදා ඉවර උන ලොවීනා වෙනුවට තමා මේක කියවන්න ගත්තේ. ෆැන්ටසියක් ඇතුලේ කතාවක්. මොහේන් රාජ් සර්ගේ පොත් වල තියෙන්නේ අන්න එහෙම රසයක්. ලොවිනා එකේ උනත් මාගම් සෝලියා එකේ උනත්.

මට නම් හිතෙන්නේ රාජ් සර් අපේ මිනිස්සු පිලිගන්න අකමැති ඇත්ත තමා මේ කතා වලින් දමලා අරින්නේ. නිකමට ගන්නකෝ ලොවීනා එක. ඒකේ පුන්නිව රජතුමා එක්කන් යනවා. එතකොට ඒ රජතුමාගේ බිසව තමා ප්‍රමිලා කියන්නේ. ප්‍රමිලා කියන්නේ ලංකාවේ අන්තිම සිංහල රජ්ජුරුවන්ගේ අග බිසව. ලොවිනා එකේ රජතුමා ගෑනු පෙරේතකයෙක් වගේ පෙන්නන්නේ. දකින දකින ගෑනි කොහොමත් අන්තඃපුරේටනේ ගෙනාවේ. ඒත් අපි ඉගෙනගෙන තියෙන්නේ මොකද්ද ලංකාවේ අන්තිම සිංහල රජතුමාට දරුවෝ නැති නිසා නායක්කර් වංශයට රජකම ගියා කියලා. නිකමට හිතලා බැලුවොත් ඔච්චර ගෑනු තියන් හිටිය රජෙක්ට ළමයි නැති හේතුව ගැන මොකද්ද දෙන්න පුළුවන් උත්තරේ ?

කාලසටහන || Yizhan || OnholdWhere stories live. Discover now