Chapter 02

467 61 37
                                    


ම්හුක් රස්නෙයි

ශික් අප්පා.. අම්මාට කියන්න ඕනේ ජනේලෙට කර්ටන්ස් දාන්න කියලා නැත්තම් හැමදාම පස්ස රත් කරන් නැගිටින්න වෙන්නේ. නිකමට හිතහල්ලාකෝ උපන් ඇඳුමෙන් ඉද්දි ගානට ලෑන්ඩ් කරලා පස්සටම අව්ව වැටෙද්දි... ඒකත් උදේ 9.30 -10 අතර අව්ව.. හ්ම්ම්ම් සැපාආආආඅයීඊඊඊඊඊඊඊ

දැන් ඉතින් අහන්න එපා හෙලුවෙන්ද නිදා ගන්නේ කියලා . අහන්න දෙයක් නෑ හෙලුවෙන් තමා ඉන්නේ. මොකාද යකෝ රෑට ඇදුම් ඇදන් නිදා ගන්නේ . මොකා නිදා ගත්තාත් වැඩක් නෑ මන් අදින්නේ නෑ. අර කවුද මන්දා කාටද කියනවා මටත් ඇහුනා රෑට ඇදුම් නැතුව නිදාගන්න එක.හොදයි කියලා . ඇග හිර කරන් ඉන්න හොද නෑලුනේ. කියන දේ අහන් ඉන්නේ නැති උනාට ඔය අහම්බෙන් ඇහෙන ඒවා මන් ලෙසටම පිලි පදිනවා. මන් හොද ලමයෙක්නේ

" ශාරුක් !! නැගිපාන්.. ශාරුක් උබ තාම නිදිද යකෝ... ඉක්මනට නැගිටපන් !! "

අහ්හ්හ් අද සෙනසුරාදා යකුනේ නිදාගන්න දීපාආආආආආඅන්න්න්න්

" ශාරුක් ඛාන් අන්න උබේ දීපීකා පස්සෙන් සල්මන් ඛාන් යනවාආආආ !! "

අඩෝ අම්මා ගහයි බැට් එකෙන් මගේ කස් එක

" ඔහ් ශිට් පස්ස "

කපූර් දොර එහා පැත්තේ ඉදන් කෑ ගහද්දි මන් ටක් ටික් ටුක් ගාලා ඇදෙන් බැස්සා. අහ් නෑ වැරදුනා නෙට් එකේ ටැපලිලා බිමට වැටුනා. සැපාආආආ යකුනේ ආයීඊඊ මගේ රෝස පාට පස්ස. කවුද යකෝ ඇදට නෙට් එක දාපු ගස් හිකනලා

" කොහෙද ප්ලේස් එක "

" අඹ ගහ වත්ත මල් හංදිය "

" ඉක්මනට යමන්. යන ගමන් ගැන්සියට එන්න කියපන් "

" හරි බොසා. අද නම් ගමනකට නෙලමු "

කොහොමෙන් හරි නෙට් එකේ ටැපලුම් ටිකත් ලෙහාගෙන අතට අහු උන කොට කලිසම් කෑල්ලත් ඇදන් ඊයේ හෝදන්න දාපු ශර්ට් එකත් රෙදි බාස්කට් එකෙන් අරන් පෙරේදා අයියාගෙන් ඉස්සුව වෙල්වට් රෝස් සෙන්‍ට් බෝතලෙත් ඇගේ හලන් කාමරෙන් එලියට එද්දි රාජ් කපූර් මූන දෙක කරන් දොර ඉස්සරහ. අන්තිමට ඌගෙත් පිටට තට්ටුවක් දාන් ගෙදරින් එලියට ආවේ මගේ රෝස මලගේ පස්සෙන් යන ගොම් මැස්සාව අද නම් චුරු වෙන්න චප්ප කරනවා කියන දැඩි අධිශ්ඪානෙන්. මේ ශාරුක්ගේ කස් එක එහෙම අරන් යන්න පුළුවන් ද මන් අහන්නේ

කාලසටහන || Yizhan || OnholdWhere stories live. Discover now