Chapter 05

254 45 10
                                    


උදේද පාන්දරද රෑද දවල්ද කියලා වෙනසක් නෑ නානවා නම් සීතල වතුරෙන්ම නාන්න ඕනේ නැත්තම් ඇගට දැනෙන්නේ නෑ. නිරුවත් ඇග දිගේ වෙව්ලන තරම් සීතල වතුර ගලන් යද්දි මට දැනෙන්නේ ලොකු සනීපයක්. ඒ නැතත් වොට් වෝටර් වලින් නෑවාම නිකන් නෑවේ නෑ නෑ වගේ. මන් ආසම මේ විදිහට. ඇගේ කිසිම ඇඳුමක් නැතුව සම්පූර්ණ ශවර් එක යට සීතල වතුරෙන් නාන එක...... ඒක තමා සමහර වෙලාවට මගේ ඇග ඇතුලේ රස්නේ නිවන්න පුළුවන් එකම දේ.

කාලෙකට කලින් මන් හිතන් හිටියේ ලොකු උනාම ජිවිතේ විදින්න පුළුවන් කියලා... හ්ම්ම් නෑ ඇත්තටම මන් හිතන් හිටියා නෙමේ එයාලා කීව දේ ඇත්ත වෙන්න ඇති කියලා විශ්වාස කරා. ජිවිතේ විදිනවා කියලාවත් හරියට දන්නේ නැති මන් එයාලා කියන දේ තමා හරි කියලා හිතුවා. ඒ කියන දේවල් කරන එක තමා ජිවිතේ විදින එක කියලා හිතුවා. සමහරවිට චේතන මගේ ජිවිතේට ආවේ නැත්තම් අදටත් මන් එහෙමම හිතන් ඉන්න තිබ්බා. මැරෙනකන්ම

මන් ඕලෙවල් වලට 9A ක් ගත්තාම අපේ අම්මා වෙන්න ඇති කාටත් වඩා සතුට වෙන්න ඇත්තේ. තාත්තා කොහොමත් මන් පොඩි කාලේ ඉදලාම දරදඩු චරිතයක් වෙද්දි එදා එයා ආඩම්බරේ පිරුණු හිනාවක් විතරක් මට දුන්නා. හැබැයි ඒකටත් එක්කම අම්මා නම් ගමට රටට ලෝකෙටම අඩ බෙර ගැහුවා එකම පුතන්ඩියා 9Aක් අරන් කියලා. අවුරුදු ගානක් ගිහිල්ලාත් මට තාම ඒ දවස මතකයි. එදා රිසාල්ට් බැලුවේ තාත්තාගේ ෆොන් එකෙන්. කොහොමත් අපේ ගෙදර තිබ්බේ ටිවි එකයි, අම්මාට කුස්සියට රෙඩියෝ එකයි, තව එයාට නොකියා බටන් ෆොන් එකයි, තාත්තාට පොඩි හුවාවේ සෙකඩ් හෑන්ඩ් ටච් ෆොන් එකයි. මට කොහොමත් තිබ්බේ පොත් විතරයි.

පහේ ශිෂ්‍යත්වයෙන් පස්සේ අම්මාලා මාව දිගටම ක්ලාස් දැම්මා. හය වසරේ ඉදන්ම මන් ඕලෙවල් වලට ක්ලාස් ගියා. ඒ කාලේ උනත් මට මහ ලොකුවට දේවල් ඕනේ උනේ නෑ. අම්මලා කීවේ හොදට ඉගෙන ගන්න කියලා. ක්ලාස් නැති වැඩ නැති වෙලාවකට පොතක් කියෝනවා ඇරෙන්න මට වෙන මොකුත් කරන්න දුන්නේ නෑ. ඇත්තටම දැන් හිතලා බලද්දි නම් තේරෙනවා කරන්න දුන්නේ නෑ කියන එකට වඩා මන් එයාලා කියන විදිහට වැඩ කරලා කියලා. අම්මලා කීවා හොදට පාඩම් කරලා ඕලෙවල් පාස් උනොත් ඒලෙවල් කරන්න පුළුවන් කියලා. ඒලෙවල් කරොත් කැම්පස් යන්න පුළුවන් කීවා. කැම්පස් අවුට් උනාම රස්සාවක් කරන්න පුළුවන් කීවා. ඊට පස්සේ ලස්සන කෙල්ලෙක් බැදල වරුවෙක් හදාගෙන අම්මලා වගේ සතුටින් ඉන්න පුළුවන් කීවා. ඉතින් මට ඕනේ උනේ අම්මලා කීවා වගේ සතුටින් ඉන්න. ඉතින් මන් පාඩම් විතරක් කරා. සෙල්ලම් කරේ නෑ. ටිවි බල බල කාලේ කෑවේ නෑ. පාඩම් කරලා හොදට එක්සෑම් පාස් උනා.

කාලසටහන || Yizhan || OnholdWhere stories live. Discover now