Chapter 09

175 34 13
                                    

" 150 යි පුතේ ගාන "

" 40 යේ බීම කප් තුනට 120 නේ ඇන්ටි. ඇන්ටි හිතුවාද මට ගණන් බෑ කියලා. මේ බලපන්කෝ බන් "

කැන්ටින් එකේ ඇන්ටිට 120ක් දික් කරන් චාමරයා කියද්දි මන් ඔහේ බිත්තියට හේත්තු වෙලා හිටියා.

" අර ළමයා ගත්ත උදු වඩේ එකට 30 යි "

" බේසිකයා තෝ වඩේ එකට සල්ලි දුන්නේ නැද්ද යකෝ "

" නෑ "

චාමරයා කෑ ගහලා මගෙන් අහද්දි මන් ඔරෝගෙනම නෑ කියද්දි විහග මට එහා පැත්තේ ඉදන් ඔලුව දෙපැත්තට වැනුවා. ඌ ඔහොම තමා. මාගෙයි අරූගෙයි වලි වලට පොර නෝ සපොර්ට්

" මොකද තොපි හිනා වෙන්නේ "

අපේ වලිය දැකලා කැන්ටිම ගාව එහා පැත්තේ හිටිය කෙල්ලෝ වගෙයක් හිනා වෙද්දි කැන්ටිමේ ඇන්ටිට විස්ස අරන් පනහක් දීපු චාමරයා මගේ කේන්තිය උන්ගේ පිටින් යැවුවා. මූ ඔය කේන්තියෙන් නෙමේ ඉන්නේ චාටර් එක දරාගන්න බැරුව ඉන්නේ.

" ඇයි මොකද අපිට හිනා වෙන්න බැරිද "

" අඩෝ අඩෝ මේ බලපන්කෝ පෙන්දෙක් ගිය උඩ "

" අනේ මේ "

" අඤ් මේ තමා. උබට කුරුස කාරයෝ ලොකු උනාට අපිට ලොකු නෑ හරි  "

කෙල්ලෝ තුන් දෙනාගෙන් මැද හිටිය කෙල්ල චාමරයා එක්ක ඇවිලෙන්න එද්දි මූත් පොර කුකුලා වගේ එල්ලීගෙනම ගියා. ලැජ්ජාවේ බෑ රෙද්ද. කැන්ටිමට ආවොත් චීත්තයක්

" මේ මෙත්සල්ට මොකුත් කියන්න එන්න එපා "

" ඇයි ඇයි නන්ගිට දුකට. උබ සහෝදරත්වයට පයින් ගැහුවෙව් හරී "

" උබට වඩා නම් මෙත්සල් හොදයි "

" බලන්න නයනි ඒකෙත් හැටි කීවාලු නේද . ඇග තියේ නම් කුඩ්ඩොන්ටත් බඩු සෙට් වෙනවා කිවාලු "

" මෙන්න මෙහෙ වරෙන් චීත්ත හෝදන්නේ නැතුව "

අර කෙල්ල අඩන්න වගේ ඉද්දි විහග චාමරයාවත් ඇදන් කැන්ටිමෙන් එලියට යද්දි මාත් සාක්කුවට අත් දෙක දාන් උන්ගේ පස්සෙන් ගියා. මොකක් උනත් චාමරයා කලේ බලු වැඩේ. ඔය කෙල්ල අපේ සෙක්ශන් එකේමයි. ආර්ට් ක්ලාස් එකෙද කොහෙද ඉන්නේ. මූ කාලයක් ඕකිගේ පස්සෙන් ගියා. ඒලෙවල් වලට ආව මුල්ම කාලේද කොහෙද. මාසයක් පස්සෙන් යන්න ඇති ඕනේ නම් මේකි පාර මැද්දෙ තියලා අපේ එකාට කෑ ගැහුවේ නැතෑ ' මන් වගේ ලස්සන කෙල්ලෙක්ට හරි යන්නේ රිච් හැන්ඩ්සම් බෝයිෆෙන්ඩ් කෙනෙක්. ඔයාගේ තියෙන්නේ ලස්සන විතරක් ඔයා වගේ සාමාන්‍යය කොල්ලෙක්ට මාව බලාගන්න බෑ ' කියලා. මන් කියන්නේ නෑ ඒකි කරේ හරි වැඩක් කියලා. මොනා උනත් කෙල්ලට තිබ්බා ඕක පැත්තකට ගිහින් කියන්න පාරේ මැද්දේ අනිත් ස්කෝල වල ලමයිනුත් ඉස්සරහ නොකියා. එදා අපේ එකාට ලැජ්ජා උනා. පොර මාසයක් විතර අපි එක්කවත් කතා කරේ නෑ. හැබැයි ඉතින් මු කීව එකෙත් වැරැද්දක් නෑ. ඕකිට වටේම ස්කොල වල කොල්ලෝ. දැන් ඉන්නේ කුරුස කාරයෙක්. ඒකෙත් හොදම එක ඌ කුඩ්ඩෙක්ලු. බලන්න නයනි ඒකෙත් හැටි නේද..

කාලසටහන || Yizhan || OnholdWhere stories live. Discover now