Chapter 03

328 60 12
                                    

" ඌයි ඌයි පස්ස අප්පාච්චි  පස්සට ගන්න එපා අයියෝ අද ක්ලාස් මට "

" අප්පාච්චි මල්ලිව අතාරින්නකෝ ඔය ඇතිනේ "

" ලොකු මේ උබත් මගෙන් ගුටි නොකා පල ගෙට. කැම්පස් යන කොල්ලෙක් නේද මේ පොඩි උන් එක්ක රස්තියාදු ගහ ගහා නටන්නේ. "

සුද්දායි මායි කිච්චි ගෙදර එද්දි ගෝටයිබර යෝධයා වගේ ගේට්ටුව ඉස්සර හිටිය අප්පාච්චි මාව දැක්කා විතරයි හංගන් හිටිය ඉදල් මිට අරන් නෙලන්න ගත්තේ එලෝ පොල් පෙන්නලා. රිදෙනවා යකෝ ඒකෙන් ගහද්දි . ගැහුවාත් හා කියපන්කෝ පස්සට නොගහා. ඕක රත් වෙලා රතු උනොත් ක්ලාස් ගිහිල්ලාත් ඉවරයි. පැය තුනක් බංකුව ඉදන් ඉන්න සෙට් උනාම තමා අප්පාච්චිගේ පස්සට තට්ටු දැමිල්ලේ රගේ තේරෙන්නේ

අපේ අප්පාච්චි ගමේ ලොක්කා. නෑ නෑ ගම් මුලාදෑනි නෙමේ. අප්පාච්චිට කොන්ඩේ නෑ බලු නැට්ට වගේ කොන්ඩේ බැදලා නැමි පනාවක් ගහන්න. ඒ නිසා ලේසියට කලිසම ගහන් ශර්ටක් ඇදන් ෆයිල් එකත් අතේ තියන් ගම වටේ යන අපේ අප්පාච්චි ග්‍රාමසේවක. අප්පාච්චි සැරයි. කොටින්ම ගෙදර වේලලා කොටලා ගන්න අම්මාගේ මිරිස් කුඩු වලට වඩා සැරයි. හැබැයි මෙහෙමයි ඔය කොයි චන්ඩියත් නෝනාට බයයි වගේ තමා අපේ අප්පාච්චිත් අම්මාට බුදු බයයි. දැනුත් ඉතින් ඔය ලොක්කා වගේ ගහන්නේ අම්මා අතින් කැඩුන පරනේ ඉදලේ මිටෙන්.

අප්පාච්චිගෙන් කන පිරෙන්න අහ ගත්ත අයියා හිමිට මොනාද කාපු උගුඩුවා වගේ ගේ අස්සට රිංගද්දි නන්ගිත් සීන් සීරුවේ කුස්සියට රිංගුවා. ඕකට රිංගා ගත්තා කියන්නේ ආයේ ඉතින් ඇට කිච්චි බේරුනා. ශික් අපරාදේ ටකරමී අප්පාච්චිගෙන් ගුටි කෑවේ නෑ. දැන් ඉතින් මට දවල්ට කෑවත් නෑ වගේ. හිමින් සෑරේ පරන වලියක් හරි අල්ලලා හවසට අප්පාච්චිට කියලා ගස්සන්න ඕනේ

" ආව් ආව් අප්පාච්චි දැන් අනේ "

" ඇති ඇති මන් කියන්නේ නෑ උබට. බලපන් තාම ඇදෙන් නැගිට්ට ගමන්. මූනවත් හෝදලා නෑ. ඇත්තමයි පොඩි උබට කියන කට හොදයි උලා ගන්නවා ගලක "

" අප්පාච්චි උලා ගද්දි මිරිස් ගලේ උලා ගන්න නැත්තම් අනිත් ඒවාගේ උලලා වැලි ගෑවෙයි "

කාලසටහන || Yizhan || OnholdWhere stories live. Discover now