Chapter 06

237 42 5
                                    


Mahee Pov

" ශාරුක් !! 4. 30 යි වෙලාව "

තව වෙලා තියෙනවා. විනාඩි 10ක් නිදා ගන්නවා තව. ඇද ළඟ තිබ්බ ෆොන් එකෙන් වෙලාව බලලා ආයේ රෙද්ද ඔලුවේ ඉදන් පොරවන් මන් කොට්ටෙත් තුරුලු කරන් අනිත් පැත්ත හැරුනා.

" ශාරුක් !!!! 5 යි වෙලාව නැගිටිනවා "

තාම 5යිද. ෆොන් එකෙත් පහයි පෙන්නන්නේ. එහෙනම් පහයි තමා. තව විනාඩි 15ක් නිදා ගන්න පුළුවන්. අම්මා කොච්චර වෙලාව කීවාත් ශුවර් නෑ. ෆොන් එක තමා මට ශුවර්

" ශාරුක් නැගිටපිය 5. 30යි වෙලාව උබ අද ස්කෝලේ යන්නේ නැද්ද "

තව විනාඩි 5ක්. ඇදේ වැටෙන පැත්තට බෙල්ල දාලා මන් ආයේ නිදාගන්න ලෑස්ති උනා.

" ශාරුක් ඔන්න අප්පාච්චි උඩට එනවා "

හුටා අම්මා ගහයි බැට් එකෙන් අප්පාච්චි එනවා. ඔව් ඔව් ලෑස්ති උනා විතරයි නිදා ගත්තේ නෑ. අප්පාච්චි උඩට එනවා කියන්නේ අන්තිම අනතුරු ඇගවීම. ඊට පස්සෙත් නැගිටින්නේ නෑ කියන්නේ උදේම ඇදේම නාන්න පුළුවන්. අම්මා පහල තට්ටුවේ ඉදන් අප්පාච්චි එනවා කියද්දි මන් එහෙමම ඇදෙන් නැගිටලා බාත්රූම් එකට රිංගා ගත්තේ වැඩි ආරක්ශාවට. උදේම නාලා ස්කෝලේ යනවාට වඩා ඇග සෝදලා යන එක හොදයි.

අද සදුදා. සතියේ මන් අකමැතිම දවස. බලන්න සදුදා කියන්නේ මොන තරම් එපා කරපු දවසක්ද කියලා. සදුදාට තමා ස්කෝලේ පටන් ගන්නේ. සදුදාට තමා මිනිස්සු වැඩට යන්න පටන් ගන්නේ. සදුදාට තමා එපා කරපු උදේ රැස්වීම තියෙන්නේ, සදුදාට තමා මට අතු ගාන්න තියෙන්නේ, කොටින්ම සදුදාට තමා මට ස්විමින් ප්‍රැක්ටිස් තියෙන්නෙත්. අර ගාර්ෆිල්ඩ් කියනවා වගේ සදුදා දවස කැලැන්ඩර් එකෙන් අයින් කරන්න ඕනේ. ගාර්ෆිල්ඩ්ගේ නිත්‍ය ෆෑන් කෙනෙක් විදිහට මාත් සදුදා දවසට ආස නෑ. ඕනෙම නෑ.

" අම්මේ කෑම එක දෙන්න පරක්කුයි "

නාලා ඇදගෙන ඔක්කොම කරන් මන් පල්ලෙහාට බහිද්දි 6.15යි. 6. 25ට බස් එක. තව විනාඩි 10යි. ශුවර් ශොට් අද නම් පරක්කු වෙනවා. මන් පල්ලෙහාට බහිද්දිම වගේ කිච්චිත් බෑග් එක අරන් පල්ලෙහාට ආවා. සුද්දා නෑ. පොරව ඊයෙම අප්පාච්චි කැම්පස් එකට පැටෙව්වා මාත් එක්ක ඉදලා නාස්ති වෙනවා කියලා. මන් දන්න තරමින් නම් ඕකේ අනිත් පැත්ත තමා ගෙවල් වල වෙන්න ඕනේ.හැබැයි අපේ ගෙදර ඕවා ඔක්කොම වෙනස්. මන් තමා මුන්ව නරක් කරන්නේ.

කාලසටහන || Yizhan || OnholdDonde viven las historias. Descúbrelo ahora