Chapter 04

262 51 12
                                    


" ලමයි අපි ගම්‍යක් දක්වන්නේ මෙන්න මෙහෙම. මන් බෝර්ඩ් එකේ ලියනවා බලන්න. P ගම්‍ය R ( P ->R ) "

වැඩිමල් උබේ හිතට මන් ලං වෙලා......

" S සයෝජන T ( S /\ T ) මේ තියෙන්නේ සංයෝජන වාක්‍යයක් "

පෙරදා මැවි හිනා....
බොදවී කොහේ ගියාදෝ....

" වියෝජක වාක්‍යයක් ලියා ගන්න. P වියෝජක T ( P v T ) "

මන්දාරම් කතාවේ ...
සද කින්නරාවී...

" අන්තිමට උභය ගම්‍ය වාක්‍යයක් R උභය ගම්‍ය S ( R <-> S ) "

මට සමාවෙන්නකෝ...
ආයෙමත් එන්නකෝ ඔයා...

" මේ තමා ප්‍රස්තුත හතර. අපි ප්‍රස්තුත විසදීමේදි මේවා තමා පාවිච්චි කරන්නේ "

හදාගන්න මේ හිත මාගේ..
හිනා වෙන්න මා රවටා...
දමා යන්නදෝ ලං වූයේ...
කියා දෙන්න වරද හොයා...

" මේ ටික පොතේ ලියා ගන්න. වරහන් කරලා තියෙන ප්‍රස්තුත වාක්‍යය රතු පෑනෙන් ලියන්න. ඔක්කොම ලියලා ඉවර උනාම නෝට් එකක් දෙන්නම් මන් "

මතකද හැන්දෑවේ
අපි දෙන්නා
මන්දාරම් වදුලේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා....

" හැමෝම ඉක්මනට ලියා ගන්න. අද මේ පාඩම ඉවර කරන්න ඕනේ. ඊලට එකට යන්න කලින් ආයේ මතක් කිරීමක් මේ යන්නේ. මේ ටික හොදට මතක තියාගන්න අමතක උනොත් ප්‍රස්තුත විසදීමේදි ගැටලු එන්න පුළුවන් "

" ආව් වහුත්තෝ රිදුනා "

ක්ලාස් එකට ආව වෙලේ ඉදලාම ලස්සන මියුසික් වගේකට අලුතෙන් කස් ලිස්ට් එකට ඇඩ් උන වත්සල් සර් කාරයා එක්ක බූඩ් සිංදු ටිකට මල් වටේ දුව දුව හිටපු මාව සිද්ධාර්තයාගේ පොල් ටොක්කෙක් ආයේ ක්ලාස් එකේ බංකුව උඩට ගෙනාවා. රිදෙනවා යකෝ. මූ පරන තරහාවල් මතක් කර කර ගැහුවාද මන්දා

" මොකද්ද ඔය අන්තිම පේළියේ වෙන්නේ ? උබලා දෙන්නා ඔය නලියන්නේ මේක ලියාගෙනද "

" ඔව් සර් "

අපි දෙන්නාගේ දැගලිල්ල දැකලා සර් අහද්දි සිද්ධාර්තයා හරි අමාරුවෙන් ඔව් සර් කියලා උත්තර දුන්නා. අමාරුවෙන් උත්තර දෙන්න එපැයි මන් උගේ ඉනේ පදාසයක්ම මගේ නියපොතු වලින් අල්ලන්නේ හිටියේ. මූටත් වේදනාව තේරෙන්න ඕනේ ඇයි රෙද්ද. ඔලුවට ගහලා ඔලුව පැලිලා ලේ ගලලා නෑ මැරිලා ගියොත් මගේ ආශ්චර්‍යා නම්කිට මොකද්ද වෙන්නේ. හත්තික්කේ කෙල්ල බදින්න කලින්ම වැන්දඹු වෙයි. ඊට පස්සේ අර සල්මනා මගේ කෙල්ලට බැල්ම දායි මේකිත් අර දීපිකා වගේ ඇඹරි ඇඹරි සල්මනා එක්ක පෙම් බස් දොඩයි. අම්මෝහ්හ් ගෑනු ඕනේ නෑ උන් හරි චපලයි. ආශ්චර්‍යාත් චපලයි

කාලසටහන || Yizhan || OnholdWhere stories live. Discover now