Chapter 06

51 8 2
                                    

"Excuse me ..මේ දැන් ටිකකට කලින් කාව හරි accident වෙලා ගෙනාවද ??"

"ඉන්න සර් අපි චෙක් කරනකන් "

"ප්ලිස් ඉක්මන් කරන්න "

හොස්පිට්ල් එකට පුලුවන් තරම් වේගෙන් ආව ජින් ,ජන්කුක් ,ටේහියුන්ග් හොස්පිට්ල් කවුන්ටර් එක ලග ඉන්න නර්ස් ලගට ඇවිත් ප්‍රශ්න කරේ නර්ස් ශනික computer එකට එබෙද්දි ..

"දේ ..3 වෙනි floor එකේ 13 වෙනි රූම් එක සර් .."

නර්ස් කියපු සැනින් ටේ , ජන්කුක් ,ජින් තුන්දෙනාම පුලුවන් තරම් ඉක්මනින් elevator එක ලගට දිව්වා..

"මගේ ජුන් හොදින් ඇති නේද ජන්කුකා !?"

"කලබල වෙන්න එපා ජිනි ..ජුන් හියුන්ග් හොදින් ම්ම් මාව විශ්වාස කරන්න "

අත් දෙක හදිස්සියෙන් රබ් කරන ජින්ගේ අත් දෙක අල්ලන් ජන්කුක් කිව්වත් , ජන්කුක්ට තමන්ගේ වචන ගැන ඒ හැටි විශ්වාසයක් තිබුනේ නැහැ..

Elevator එක හරිම floor එකෙන් නතර වෙද්දි වෙවුලන කකුල් දෙකෙන් ජින් elevator එකෙන් එලියට ආවේ එතන මැප් එකේ ඒ රූම්ස් ICU රූම් කියලා ගහල තිබුන එක දැක්ක නිසා ..

කොහොම හිතින් මවා ගන්නද ..තමන්ගේ එකම ආදරේ ICU එකේ එයාගේ ජීවිතේ වෙනුවෙන් පොර බදිනවා කියලා ...ඒකත් තමන්ගේ මුරන්ඩුකම නිසා..

'ජිනි අහන්න ..මට අද එන්න විදිහක් නෑ තේරුම් ගන්න..හොද ජිනි වගේ බේත් බොන්න ...අදට මම නැතුව කේක් කපන්න ම්ම්ම් ..'

'ඔයා මන් ගැන කෙයා කරන්නේ නැත්තන් මන් මොකටද මන් ගැන කෙයා කරන්නේ .ඔයාට මන් ගැන කෙයා කරන්න ඕනේ නම් අදම මන් ලගට එන්න'

ජුන්ට තමන් නොහිතා කිව්ව වචන ජින්ගෙ ඔලුව වටේ දෝන්කාර දෙද්දි ජින් ඇවිදින එක නතර කරලා ඒ ලගටම තිබුන බංකුවකින් ඉදගත්තේ තමන්ගේ ඇස් වලින් වැටෙන කදුලු වලට ඉඩ දෙන ගමන් ...

ජින් දිහා මොහොතක් බලන් හිටිය ජන්කුක් ඊලග මොහොතේ තමන්ගේ ඇස් ජූන්ගේ ICU රූම් එකේ විවෘත වෙන දොර දිහාට එල්ල වුනා ..

"ඩො-ඩොක්ටර් ..මගේ හියුන්ග් ...මගේ හියුන්ග්ට දැන් කොහොමද ?? "

"මේ ..patientගේ පවුලේ අය වෙන්න ඇති ?? "

House Of Memories ✨️BTS (Numjin,Teakook,yoonmin)Where stories live. Discover now