Chapter 08

48 9 23
                                    

"හියුන්ග් !!"

"ටේ පරිස්සමින් "

ජුන්ට සිහිය නැතුව සති දෙකක් ගෙවිලා ගිහින් ..සුපුරුදු විදිහට ජින් , උදේම ජුන්ව පරිස්සමින් තෙත ටවල් එකකින් පිහන ගමන් හිටියේ ..උදේ කෑමත් අරගෙන කාමරේට දුවගෙන ආව ටේ එක පාරම වැටෙන්න ගියත් වැඩ දාල සමබරතාවය රැක ගන්න ටේට පුලුවන් වුනා..

"මම දුවන්න එපා කිව්වට අහන්නේ නෑ ජින් "

"හියුන්ග්ට දැන් කොහොමද ජින් හියුන්ග් ..ඩොක්ටර් මුකුත් කිව්වේ නැද්ද ??"

ජින් ලගට ආව ටේහියුන්ග් අහද්දි ,ජින් සුසුමක් හෙලලා ජුන් දිහා බැලුවා..

"සිහිය ආවත් ටික කාලයක් රෝද පුටුවේ යන්න වෙයි කිව්වා..හ්ම්ම්ම් මගේ ජුන්ට මහන්සි ඇති ඒකනේ මේ තරම් දවස් එයාට නැගිටින්න නොහිතුනේ .."

ජින් ,ජුන් දිහා බලන් අමාරුවෙන් හිනාවෙද්දි ,ටේ ජින්ගේ උරපත්තෙන් අත තිබ්බා..

"උදේට කෑවද ටේ ??"

"අනී..අපි කෑම ගෙනාවා ..මෙතන කනවද එලියට යනවද ?? "

"අපි එලියට යමු ටේ..ජුන්ට ටිකක් රෙස්ට් කරන්න දෙමු.."

ජුන්ගේ බ්ලැන්කට් එක හදන ගමන් කිව්ව ජින් , ජුන්ගේ නලලින් හාදුවක් තැවරුවා..

ගෙවුන සති දෙකට කිසිම දෙයක් නොවෙනස් වුනත් , ජින් හැමතිස්සෙම හොස්පිට්ල් එකේ රැදුනා..ජන්කුක් ,ටේ වුනත් ජින් නිසා හොස්පිට්ල් එකෙන් ගියත් වැඩ ඉවර වුන ගමන් වගේම වැඩට යන්න කලින් ටේ , ජන්කුක් හොස්පිට්ල් එකට එන්න පුරුදු වුනා..යුන්ගි ,ජිමින්ගේ කැෆේ එක විවෘත කරත් හවස් වෙද්දි ජින් කැමතිම චිස් කේක් එක අරන් හොස්පිට්ල් එන්න ඒ දෙන්නටත් අමතක වුනේ නැහෑ..

හැමෝගෙම ජීවිත සමාන්‍යය වුනත් ජූන්ට තවමත් නැගිටින්න උවමනාවක් නැති පාටයි..ජූන් තාවකාලික කෝමා එකකට පත් වුනත් දැනටමත් ජුන්ගේ බාහිර සෞඛ්‍යය දුරවල වේගෙන යනවග ජින් දැනගත්තත් කාටත් නොකියා ඉන්න ජින් තීරනය කලා..

"Good morning පුතා "

"ඔම්මා ??..අප්පා ??G-Good morning ..ඔයාලා මෙහෙ ?? අද අප්පලා -"

"දේ ..අපි ජෙජු යන්න කලින් පුතාව බලලා යන්න ආවා .."

"ඉදගන්න ඔම්මා.. මම මූන හෝදන් එන්නම් "

සුපුරුදු විදිහට ජුන් ලග නිදාගෙන හිටිය ජින් ඇහැරුනේ එයාගේ දෙමාපියෝ ආව නිසා..ජුන් අතරමැද නවත්තලා ආව ජේජු කම්පැනි එක බලාගන්න Mr.kim වගේම Mrs.Kim අද උදේම යනවා කියලා තිබ්බ නිසා ජින් ටිකක් පුදුම වුනා..

ජුන්ගේ කාමරෙන් එලියට ආව ජින් වගේම Mr.Kim , Mrs.Kim කොරිඩෝව ලග නතර වුනා..

"ජුන් පුතාට කොහොමද පුතේ දැන් ??ඔයාටත් මහන්සි පාටයි ..හොද නැද්ද ටිකක් රෙස්ට් කරානම්..ම්ම් ??"

"මම හොදින් ඔම්මා ..ජුන්ගේ වෙනසක් නෑ...තුවාල නම් වේලිලා ගිහින් ඒත් තවම ඉස්සර විදිහමයි..ඔම්මලට පරක්කු වෙන්නේ නැද්ද ??"

"දැන් යන්න ඕනේ ජින් .."

"එහෙනම් ඔයාල පරිස්සමින් ගිහින් එන්න.."

ජින්ව හග් කරලා , Mr.Kim , Mrs.Kim හොස්පිට්ල් එකෙන් පිට වෙද්දි , දෙමාපියන් ඇරලවලා ජින් ආයෙම ජුන්ගේ කාමරේට ආවා..ඒත් ජුන් ,

ඔලුවත් අල්ලන් නැගිටින්න උත්සහ කරන ජුන්ව දැක්ක ජින් බය නොවුනා නෙවෙයි..මහ සද්දෙන් ගැහෙන පපුව හයියෙන් මිරික ගත්ත ජින් හිතේ හයිය අරන් ඉස්සරහට කකුල දිබ්බා...

මහ සද්දෙන් ගැහෙන පපුව හයියෙන් මිරික ගත්ත ජින් හිතේ හයිය අරන් ඉස්සරහට කකුල දිබ්බා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

"ජු-ජූන් ..."





___________________________________________________________________________________

Hii...

කලින් chapter වගේ දිග නැහැ..මට හිතුවා ගොඩක් දිගයි කියලා ඒ නිසා හිතලම කොට කරා..කොට වැඩිද මන්දා ?? 🤔කතාව හිතුවට වඩා බෝරින් වුනා පටන් ගත්ත නිසා ලියනවා 🙂 ...

Bye....

House Of Memories ✨️BTS (Numjin,Teakook,yoonmin)Donde viven las historias. Descúbrelo ahora