Chapter 07

38 8 1
                                    

ජුන්ව බලන්න ලැබුන අවසරයත් එක්ක ජින් මුලු රෑම ජුන් ලගට වෙලා හිටියේ ජුන් ඇහැරෙයි කියන බලාපොරොත්තුවෙන් , ඒත් ජින්ට දැනුන තෙහෙට්ටුවට ජින්ටත් නොදැනිම ජුන්ගෙ ඇද ලග නින්ද ගිහින් තිබ්බා..

At 10.30 a.m

"ජින් හියුන්ග් ...නැගිටින්න ..ජින් හියුන්ග්"

At 8.00 a.m.

ජුන්ට වුන කරදරය කලින් දවසේ රෑ දැනගන්න ලැබුනත් ජුන්ගේ ඕඩරෙන් පස්සේ හදිස්සියට දේගු ගිය යුන්ගි ,ජිමින් දෙන්නට එවෙලේ එන්න නොලැබුනේ ඇද හැලුන මහ වැස්ස නිසා ..වැස්ස පායපු වහාම හොස්පිල්ට් ආව ජිමින් ,යුන්ගි දැක්කේ ජුන්ගේ අත බදාගෙන ඇද පාමුල නිදාගෙන ඉන්න ජින්වත් , සෝෆා එකේ දිගා වෙලා ඉන්න ටේහියුන්ගේ ඔලුව අත ගාන ජන්කුක්වත් ..

"ජන්කුකා ..උබ දවසම නිදාගත්තේ නැද්ද ?? "

ටේහියුන්ගේ ඔලුව අත ගාන ගමන් ම යුන්ගිට නැහැයි කියන්න ඔලුව වනපු ජන්කුක් එතනින් නැගිට්ටේ මූන ටිකක් හෝදන් එන්න..ජිමින් ජන්කුක් හිටිය තැනින් වාඩි වෙලා ටේහියුන්ගේ ඔලුව අත ගාන්න ගත්තේ ටේහියුන්ග් නිදාගෙන හිටියත් ඒ ඇස් අගින් කදුලු ගලන නිසා...

"උබ ගිහින් වරෙන් "

ජන්කුක්ගේ පිට අත ගාන ගමන් යුන්ගි කියලා ජිමින් ලගින් ඉදගත්තේ ජිමින් 'මේ මොනවද වෙන්නේ ' කියලා අහන්න වගේ යුන්ගි දිහා බලද්දි ..ජිමින්ව ස්ට්‍රෙස් කරන්න යුන්ගිට නොවුමනා වුන නිසා ජිමින්ගේ හිස් මුදුනින් හාදුවක් තියපු යුන්ගි නිසොල්මන්ව ඇදේ වැතිරිලා ඉන්න ජුන් දිහා බලලා ගැඹුරු හුස්මක් පිටකලා..

"උබට කලින් මම මැරුනොත් උබ මොකද කරන්නේ ?? "

"ජුනා මම උබට සැරයක් කිව්වා ..ඔය ජරා කට වහගනින් ."

"මම මැරෙනවට උබ ඒ තරම් අකමැතිද යුන්ගියා ??"

"අකමැති ..මගේ අහවල් එක තමා..උබ මැරුන දාට මම ගම් හතකට කන්න දෙනවා ..දීලා බැරිනම් නටනවා "

"ඒ උබනම් "

අවුරුදු දහනවයක් වුන ජූන් ,යුන්ගි එක්ක සුපුරුදු විදිහට වැඩ ඉවර කරලා ගේ ලගින් ගලාගෙන යන ඇල පාර ලගට ආවේ බියර් ටින් දෙකක් එක්කමයි..බියර් බොමින් ඇලට කකුල් දාගෙන හිටිය යුන්ගි ,ජූන්ට ඇස් කරකවලා අහක බලාගත්තා..

House Of Memories ✨️BTS (Numjin,Teakook,yoonmin)Where stories live. Discover now