Chapter 12

67 7 9
                                    

"අපි යමුකෝ "

ජිමින්ගේ අතේ එල්ලේන ගමන් කැන්ටින් එකෙන් එලියට යන්න දගලන ටේ දහවෙනි පාරටත් ජිමින්ට එලියට යන්න ඇවිටිලි කලා..

ඒත් කෑම ජීවිතේ අංක එක කියලා සලකන කෙනෙක් වුන ජිමින්ට ටේගේ කන්කිරියාව තඹේකටවත් මායින් වුනේ නැහැ..

"කන වෙලාවේ කන්න ඕනේ ටේ , ඔයා දන්නවනේ ඒක ?? "

"අනේ මට ජන්කුක්ව බලන්න යන්න ඕනේ !! එයාව මට මේ වෙලාවෙනේ බලන්න වෙන්නේ ඒක ඔයා දන්නවනේ !?"

"ඉතින් යනවා..කවුද අල්ලගත්තේ ??"

"අනේ මගේ හොද ජිමිනනේ ..අනේ අනේ අනේඒඒඒඒඒ !!! "

කෑම එක මේසේ උඩින් තියපු ජිමින් ටේගේ දිහා බලන් අත්දෙක පපුව ඉස්සරහින් බැදගද්දි , ටේ පපී ඇස් දෙක දාගෙන එක එල්ලේ ජිමින් දිහා බලන් හිටියා.

"පලවෙනි හා අන්තිම වතාව "

දරුනු විදිහට ඔරවපු ජිමින් කෑම එක ආයෙමත් කැන්ටින් එකේ කවුන්ටර් එක උඩින් තියලා කිරි පැකට් එක විතරක් අරන් ටේ එක්ක කැන්ටින් එකෙන් එලියට ගියා..

දෙන්නත් එක්ක එලියට ඇවිත් බාස්කෙට් බෝල් කෝඩ් එකට ආවේ , සීනියර්ස්ලා සාමාන්‍යෙන් විවේක වෙලාවට ඒ අසල ගැවසෙනවා කියන්න ටේ දැනගත්ත නිසා..

ටේගේ අනුමානය හරි යද්දි , සීනියර් කෙනෙක් එක්ක බාස්කෙට් බෝල් ප්ලේ කරන ජන්කුක්ව හරි ලස්සනට ටේගේ ඇස් කාචයට අහු වුනා..

එච්චරයි ....!

ටේ ඉන්නේ කොහෙද ?? මොනාද කරන්න ඕනේ ?? කිසිම දෙයක් ටේට තේරුම් ගන්න පුලුවන් වුනේ නෑ..ටේගේ ඇස් ජන්කුක් හැරෙන හැරෙන පැත්තට යොමු වෙලා...ටේට ඕන වුනා හුස්ම ගන්න ඒත් අඩුම ඒකවත් ටේට කරගන්න බැරි වෙලා..

"ඕයි !! "

" වේ !!"

ටේගෙ අසාමාන්‍ය විදිහට ගැහෙන හදවතේ සද්දෙත් එක්ක ජිමින් ටේට දෙපාරක් විතර කතා කලා , නමුත් ඒවා ඇහෙන්නවත් ටේ පොලොවේ පය ගහන්න එපැයි..කතා කරලා බැරිම තැන ජිමින් ටේගේ අතට හයියෙන් පාරක් දීලම ටේට කතා කරේ ටේ ජිමින් දිහා ඔරවලා බලද්දි..

You've reached the end of published parts.

⏰ Last updated: Oct 23, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

House Of Memories ✨️BTS (Numjin,Teakook,yoonmin)Where stories live. Discover now