Chapter 11

68 7 31
                                    

"ජ්-ජූන් අත අරින්න ..මට රිදෙනවා !"

"කට වහගෙන මාත් එක්ක එනවා..!!"

කෙන් බේත් දාල ඉවර වෙනවත් එක්කම ජූන් , ජින්ව ඇදන් උඩට ආවේ , ජින් අත ගලවගන්න උත්සහ කරද්දි..

ඒත් ජීන්ව නොසලකා ,ජූන් කෙලින්ම කාමරේට ඇවිත් ජින්ව කාමරේ ඇතුලට විසික් කරා..

ජූන්ගෙ අතින් තමන්ගේ තුවාල වුන අත නිදහස් වුන එක ගැන මොහොතකට ජින් සතුටු වුනත් ,ජූන් ඊලගට දොරත් වහගෙන කාමරේට ඇතුල් වෙද්දි ජින්ගේ හදවත හේතුවක් නැතුවම වේගෙන් ගැහුනා..

"ජ්-ජූන් "

ජූන්ගෙත් තමාගෙත් දෙවෙනි හමුවීමට සමානවම ජූන් තමන් දිහාට ඇවිදන් එනවිදිහ , ජින්ගේ ඇස් ඉස්සරහ මැවි මැවි පෙනෙද්දි ජීන්ගෙන් නොදැනුවත්වම කදුලු කැට බිමට වැටුනා..

"මන් මොනා කරාටද තමුන් අඩන්නේ අහ් !? "

"ජ්-ජූන් ..මියන්හේ "

මොකටද ජින් සමාව ඉල්ලන්න ඕනේ ,ඔව්...ජින් කිසිම හේතුවක් නැතුව සමාව ඉල්ලුවා ...

ඒත් ජින්ට ලන් වෙන අඩියක් පාසා ජූන්ගේ ඔලුව රිදෙන්න ගත්තේ තරහෙන් පිරිලා තිබුන ඒ හිත ඔලුවේ වේදනාවට තිබුන තරහා දෙගුන තෙගුන වෙද්දි..

"අහ් ..! "

දැනෙන ඔලුවේ කැක්කුම දරාගන්න බැරිම තැන ජූන් අත් දෙකෙන්ම ඔලුව තද කරලා බදාගත්තේ ජින් තවමත් මොනව කරන්නද කියලා හිතන ගමන් ගල් වෙලා ඉද්දි..

කලිනුත් මේ වගේම කවුරුම හරි තමන්ගෙන් මෙහෙම අයදින විදිහ අපහැදිලිව ඔලුව ඇතුලේ දුවද්දි ජූන් මහහයියෙන් කෑ ගැහුවා ..

ජූන්ගේ කෑගැහිල්ල මුලු ගෙදරම දෙවනත් කරද්දි , ජන්කුක් ,ටේ , කෙන් කාමරේ දොර ලගට දුවන් ආවත් , දොර ඇරගන්න එයාලට පුලුවන් වුනේ නැහැ..

ජූන්ගේ කෑ ගැහිල්ල නිසා හරි සිහියට ආව ජීන් කදුලු පිහදගෙන , කබඩ් එක ලගට දිව්වේ ජූන්ගේ බේත් ගන්න..

ඔලුව අල්ලන් බිම වැටිලා ඉන්න ජූන් දිහා බොද වුන ඇස් වලින් බලන් හිටිය ජින් , බේතක් වතුරට දිය කරා..

"ජ්-ජූන් ප්-පිලීස් මේක බ්-බොන්න "

ජූන්ගේ ඔලුව තමන්ගේ පපුවට තදකරගන්න ගමන් , හිමින් හිමින් වතුර එක පොවපු ජින් ලොකු හුස්මක් ගන්න ගමන් බිමින් ඉදගත්තා..

House Of Memories ✨️BTS (Numjin,Teakook,yoonmin)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin