Chapter 10

62 9 26
                                    

Knok ..knok

"හියුන්ග් ...ඔයා නිදිද ?? "

දොර එහා පැත්තෙන් ටේගේ කට හඩ ඇහෙද්දි , ජූන් තමන් බලල හිටිය මැගසින් එක පැත්තකින් තියලා දොර දිහා බැලුවේ හිනා වෙලා..

"අනී ටේ ..එන්න ඇතුලට "

ජූන් උත්තර දීපු සැනින් ටේ ඇතුලට ආවේ ජන්කුක් , ජින් ,ජිමින් , යුන්ගි එක්කමයි.

"යුන්ගියා ..ටා ඩා ..මන් මැරුනේ නෑ "

ටේ ගේ පිටිපස්සෙන් ආව අනිත් අයව නොසලකා ජූන් යුන්ගි එක්ක හිනා වෙලා ඇද උඩදිම අත් දෙක විහිදුවා..

"ටේ කියද්දි මම විශ්වාස කරේ නෑ ඒ ඉස්සර හිටිය අන්ඩපාලයමද උබ කියලා..ඒ උබ මයි.."

කට කොනින් හිනා වෙලා ජූන්ගේ ඇද ලගට ගිය යුන්ගී , ජූන් ව හග් කරා..

"එතකොට මේ අර පොඩි ජිමිනනේ "

"හියුන්ග්ට මාව මතකද ?? "

"මට කොහොමද ඔයාව අමතක වෙන්නේ ..කරදරකාරයා .."

ජූන් තමන්ට දේගු වලදි කියපු නම ආයෙම මතක් වෙද්දි ,ජිමින් ගිහින් ජූන්ව තද කරලා බදාගත්තා..

"මගේ boyfriend ජිමින් "

"චින්චා..මන් හිතුවා උබ ජිමිනි දිහා බලන් ඉද්දි ඒත් මම හිතුවේ නෑ ජිමිනි මේකට කැමති වෙයි කියලා "

"උබේ කට ..වහගනින් "

ජූන්ගේ මූනට කොට්ටේ තද කරපු යුන්ගි කියද්දි ජූන් හිනා වෙලා යුන්ගිත් එක්ක රන්ඩු කරා..

ඒත් තවමත් ජින් දොර මුල්ලට වෙලා ඒ දිහා බලන් ඉන්නවා..

සති දෙකකට කලින් ඒ හිනාව තමන් එක්කත් තිබ්බා නේද කියලා ජින්ට මතක් වෙද්දි ,ජින් තමන්ගේ ශර්ට් එක අත් වලට ගුලි කරගත්තා.

"හියුන්ග්"

"යනවා එහාට ...ඔහ් කියන්න ටේ "

ඇග උඩ ඉන්න යුන්ගිව ඈත් කරපු ජූන් ,ටේ දිහා බලද්දි ටේ ජන්කුක් දිහා බැලුවා..

"මේ ජන්කුක් ...මගේ boyfriend "

"ච්..ටේ විහිලු කරා ඇති ම්ම්ම් ..මට හිනා යන්නේ නැහැ ."

House Of Memories ✨️BTS (Numjin,Teakook,yoonmin)Where stories live. Discover now