7

129 31 3
                                    

yoona pov

වොහ් සති දෙකක් වේගෙන් ගියා . අද කැෆේ එකත් කලින් වැහුව නිසා කරන්න වැඩකුත් නෑ . ජන්කූක් යුනි ගියා නේ . හුම්... හරිම පාලුයි

ඉතින් මන් කලින් කූක් දුන්න එයාගෙ ලැප් එක අතට ගත්තා . එයා මට ෆෝමැට් කරගන්න කිව්වට මට ඒකට හිතක් නෑ අනේ . ඒක නිසාම එයාගේ අඇල්බම් වල වැදගත් දේවල් තියෙනවද බලන්නයි ගියේ ..ඒත්

ඒකේ ලස්සන ෆොටෝ තිබුනා එයාගේ පොඩි කාලේ . කොල්ලා ලස්සනට හිනා වෙනවා. එක එක වයසවල් වල ෆොටෝ . ඒක පිරෙන්නම හයි ස්කූල් කාලේ එයා තනියෙන් කරපු ප්‍රසන්ටේශනුත් තිබුනා . ඒව ගෲප් ප්‍රොජෙක්ට් නේ . එතකොට එයා සේරම තනියමද කරේ .

මට කොල්ලගේ අතීතේ ගැන නම් ලොකු දැනුමක් නෑ . ඒත් ෆෝමැට් කරන්න කලින් මන් සේරම ෆොටෝ ටික මගේ ෆෝන් එකට ශෙයා කරගත්තා . එයා නිකන්ම ඒවා ඩිලීට් කරලා දාන්න කිව්වත් ..

මන් ඒ වැඩේට අවදානේ දෙද්දි එක පාරම දොර අඇරුනා . ඒ හිටියේ ජන්කූක්නම් තමයි ඒත් අඇයි මූනේ තුවාල . ඒඑක දැකලා මාව පුටුවෙනුත් නැගිට්ටුනා

"ඔහ් ජන්කූක් . අඇයි ඔය මූන "

" අයිශ් . එන්නකො කියන්න " එහෙම කියපු එයා මාවත් අඇදගෙන ගිහින් අඇදෙන් ඉන්දවව්වේ හරියට ලොකු කතාවක් කියන්න යනව වගේ

" යූනා මාර වැඩේ නේ . අද අප්පා ආවා යුනි එකේ තිබ්බ වැඩසටහනක ප්‍රදාන අමුත්තා විදිහට . ඒ මදිවට මල්ලිත් ආවා "

" ඉතීන් ඊට පස්සේ . එයා ඔයාව අදුරගත්තද . මල්ලි කතා කරාද " කෙල්ල අඇස් ලොකු කරන් අඇහුවා

" අනී ... එයා මාව අදුරගත්තේ නෑ මන් මාස්ක් එක දාගෙන එතනින් දිව්වා . හැබැයි එයා ජියූන් (මල්ලි) ව පෙන්නලා එයාගේ එකම පුතා කිව්වා . ඒකට නම් දුක හිතුනා ."

" ඔයා ගනන් ගන්න එපා අනේ . ඒඑත් තුවාල උනේ කොහොමද "

" සීනියර්ස් ලා .. මන් දුවන් යනකොට සීනියර්ස් ලා හම්බ උනා . එතන එක්කිනෙක්ගේ කෙල්ල මට කැමතී කියලා මට ගැහුවා .මොන පිස්සුවක්ද අනේ. මට ඉහින් ආපිට ගහලා ප්‍රශ්න දාගන්න ඕනේ නැති නිසා මන් පාඩුවේ හිටියා

" අයිශ් . සීනියර්ස් ලගේ අහවල් තැන අඇනේවා .. ඒක පැත්තකට දාමු . අපරාදෙ නෙ ජියූන් එක්ක කතා කරන්න තිබ්බේ "

" අහන්නකො ඉතින් . මන් සීනියර්ස් ලා එතනින් යනකොට මන් බිම නේ ඉදගෙන හිටියේ . ජීයූන් ' ඊයීව් බෝඊඊ ' කියාගෙන ගියා නේ " කොල්ලා ඒක අඇක්ට් කරලත් පෙන්නුවා හරියට කෙල්ලෙක් වගේ. ඒ මදිවට යූනට හිනා . කෙල්ල එක දෙයක් තේරුම් ගත්තා මේ වෙනකොටත් කොල්ලත් ඉගෙන ගෙන මොන තරම් ප්‍රශ්න ආවත් හිනා වෙන්න තියෙන එකම හේතුව මූලික කරගෙන හිනාවෙනවා කියන එක

.

.

.

"Honey, let's navigate life's waves as if we're the most passionate sailors, finding joy in every storm and serenity in every sunset." ⛵💖

Honey bun | JJK | completedOn viuen les histories. Descobreix ara