9

134 31 3
                                    

3 months later

" හනී බන් එන්නකෝ අනේ . පරක්කුයීඊඊඊඊ "

යූනා උදේ පාන්දර කෑ ගහන්න ගත්තා . අද කෙල්ල ෆිසිකලි ගිහින් ටෙස්ට් එකක් ලියන්න ඕනේ . ඒත් මේ කොල්ලා පරක්කුයි නේ

" ඉන්න අනේ .. එනවා " ජන්කූක් එක සපත්තුවක් අතෙනුත් අරන් එලියට ආවේ . හ්ම්... මාස තුනක් . මාස තුනක් කියන්නේ ලොකු කාලයක් . ගොඩක් දේවල් වෙනස් වෙන්න පුලුවන් කාලයක් .

ලෑස්ති උන ජන්කූක් එක්ක යූනා පාර දිගේ ගියාට දෙන්නගෙන් එක්කිනෙක්වත් කතා කරේ නෑ . තම තමන්ගෙ යුනි වලට යන්න බෙදෙනකොට අත වැනුවා හැර එක්කිනෙක්වත් කතා කරේ නෑ .

ම්.. ඒකට හේතුව තමයි ජන්කූක් . එයාට එයාගේ හැගීම් විශ්වාස නැල්ලු . එයාගෙ පලවෙනි යාලුවා යූනා නිසා ඒක යාලුකමද ආදරේද කියලා කොල්ලට තේරෙන්නේ නෑ . එතකොට යූනා එයා ජන්කූක්ට "හනී බන්" කියන්නේ කෙල්ලගෙ ජීවිතේ කෙල්ල ගැන හෙව්ව එක්ම කෙනා එයා නිසයි . ඒත් ජන්කූක්ට ඒ වචන තවත් යූනා වෙනුවෙන් ඉන්න හේතුවක් උනා

දවස ගෙවෙනකොට කොල්ලගේ හිත නම් තිබ්බේ යූනා මොනා කරනවාද කියලයි . ඒ අස්සේ තමයි කෙල්ලගෙන් මැසේජ් එකක් ආවේ

============

yoo

හනී බන් , මගේ ප්‍රොජෙක්ට් එක නිසා ටීම් එකම අපාට්මන්ට් එකට එක්කන් එන්න වෙනවා . ටීම් මෙට් ලා පහම කොල්ලෝ නිසා මට එයාල්ගෙ තැන් වලට යන්න බෑ නේ . පුලුවන් නම් අඇවිත් ඉන්න.

==============

එච්චරයි යූනා දාලා තිබුනේ . එක අතකින් කොල්ලට සතුටුයි යූනා අනිත් කොල්ලො නැතුව තමන්ව විශ්වාස කරන් එක ගැන . ඒත් එක අතකින් දුකයි තව කොල්ලො එක්ක ඉන්න එක ගැන . ඔක්කොම පැත්තකට දාලා කොල්ලා අපාට්මන්ට් එකට ගියා

ඔහ් ඒ වෙනකොටත් යූනා අඇවිත් . ඒත් එයා එලියෙ හිටන් හිටියේ . කූක් ආවම එයත් එක්කම ගියා

" ඔහ් ස්වීටී , මන් දන්නේ නෑ නේ ඔයා ඉන්නෙ තවත් පිරිමි කෙනෙක් එක්ක කියලා " එතන හිටපු කොල්ලෙක් කිව්වා .

" අනි අනි සියොකී . මේ ඉන්නේ මගේ ම මගේ නෑදෑයෙක්. ගනන් ගන්න එපා " හිනා උන යූනා එහෙම කියන ගමන් කොල්ලව ගිහින් අඈත තියෙන කාමරේ ඉන්දවව්වා . හරියටම කූක්ට එයාල කරන දේවල් පේන විදිහටම

Honey bun | JJK | completedDonde viven las historias. Descúbrelo ahora