09 වන කොටස

285 41 2
                                    


" පී.පී.සී වක්‍ර ටික ඇදලා ඉවරනම් ඒවට යටින් මේ නෝට් එක ලියාගනිල්ලා....."

පැය ගානක් තිස්සේ ඉදන් එකම බණේ.... පී.පී.සී... පී.පී.සී...පී.පී.සී ..... ඇත්තමයි මේ ඉකෝන් නම් මහ සාපයක්.... උදේ අටට ආපු ගමන් හවස පහ වෙනකනුත් අපි ක්ලාස් එකේ පුටු රත් කරනවා... දැන් නම් පස්සක් නෑ වගේ සාන්ත.... කොච්චර ඇඟට අමාරු වුනත් එක දවසක් නෑවිදින් ඉදලා ඊළග දවසේ කන්න වෙන කට්ට මතක් වුනාම මැරිලා වැටුනත් කමක් නෑ කියලා ඔන්න ඔහේ මං අද ක්ලාස් එකට ආවා... ඉද්දකින් මාව බලාගන්නම් කියලා ආපු එකා කටත් ඇරගෙන කෙල පෙර පෙර හොඳට බුදි...... ආදරණීයයී හැගුම්බරයි... කෝ යකෝ හරි නම් දැන් මේ මගුල ඉවර වෙන්න එපැයි... පහත් පහු වෙලා මූ තාම කියවනවා.... රෙද්ද... ඔව් ඉතිං පැය ගානක් ක්ලාස් දාගත්තට වැඩක් තියෙනවද උන් ඒ පැය ගානෙන් බාගයක්ම කරන්නෙ උන්ගේ ජීවිත කතාව ගැන කියවන එකනේ...... අනේ අනිච්චං බලාගෙන ගියාම මේ ටියුෂන් කාරයෝ තරම් දුක් වේදනා විදපු එවුන් තව කොහෙවත් ඉපදිලා නැතුව ඇති....මං මේ හැමෝටම බනිනවා නෙවෙයි....ඒත් බහුතරය එහෙමයි.......අනේ රෙද්ද ක්ලාස් එක ඇරපංකෝ... මට චූත් බරයි.......

" සර්...... රටක ප්‍රාග්ධනය ඉහල යනකොට ශ්‍රමය පහල යනවනම් ඒක අපි කොහොමද පී.පී.සී වක්‍රයක දක්වන්න ඕනෙ..... "

මුගේ ආච්චිට රයිස් ගරන්න...ඔය කරේ... ඔය කරේ ඉතිං... අම්මපා හැම තැනකම මේ වගේ ගොට්ට අල්ලන සක්කිලි පරාණයක් ඉන්නවම තමයි....දැන් ඉතිං ඌ අහපු රෙද්දට උත්තර දිලා ඉවර වෙනකොට අරූ හයටවත් ක්ලාස් එක ඉවර කරොත් ලොකු දෙයක්..... අනේ සඳමාලි මට එන කේන්තියක්.....

" ඕයි නවෝද්... නැගිටපං බල්ලෝ......"

" ම්ම්...... "

" නැගිටපංකෝ...රෙද්ද......"

" ම්ම්...... ක්ලාස් එක ඉවරද බං......."

" ඉවරයි ඇට දෙක... අර සක්කිලි කොල්ලා රටේ මොකක්ද එකක් එලියට ගියාම ඒක ලකුණු කරන්නේ කොහොමද කියලා ඇහුවා... දැන් ඉතිං ඉවර වෙයි බොගේ අහවල් එක.....බලං ඉදපං......"

" එහෙනම් ඉවර වුනාම කතා කරපං......."

" අනේ උදේනි නැගිටපංකෝ......"

" මොකද යකෝ වද දෙන්නේ....."

" අහ් දැන් ඔයත් එහෙමයිනේ.....දැන් ඉතිං අර මහිමයා ඉන්නවනේ... මේ පව්කාරිගෙන් දැන් ඔයාට ඇති වැඩක් නෑනේ....එහෙම නේද අපේ මහත්තයා......"

~හීන~ [ONGOING]Where stories live. Discover now