29 වන කොටස

145 20 89
                                    

Queen's Vila resort

සරලවම කිව්වොත් මෙතන ලස්සන බලන්න නම් අපිට හඳට අයිති හෝරාව එනකං බලාගෙන ඉන්නම සිද්ද වෙනවා...

මං සහස් එක්ක ආවේ ලස්සන රිසෝට් එකකට....මං යන්න ආසම තැන් වලින් එකක්...... ඇරත් රෑට පේන්න තිබුණු මේ විව් එක ගැන නම් ආයේ කතා කරලා වැඩක් නෑ මොකද මෙතන ඒ තරමටම හුගක් ලස්සන තැනක්....

රෑට වැටෙන හද එලියත් එක්ක ඈතින් පේන ගඟ දිහා බලාගෙන මෙතන කෑම වේලක් රස විදිනවා කියලා කියන්නෙම ඒක තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුලුවන් හරි සුන්දර සහ ආදරණීයම මතකයක් විදියටයි මේ මං නම් දකින්නේ......

" අද අපි රෑට ඩිනර් ගන්නෙ මෙතනින්ද ඒයි......"

" ම්ම්......"

" සුදා මේ....."

" මොකද..."

ඉව්..... මේකා මං දිහා බලපු කැත විතරක්.....

" අපි අද රෑට ගන්නෙ ඩිනර් විතරද සුදු අයියේ...."

" ඇයි උඹට වෙන මොනවහරි ඕනෙද...."

" හුම්... ඔව්නේ...."

" මොනවද....."

" මේ.... යම්කිසි සැර සහිත දෙයක් තිබ්බනම් හොදයි වගේ නේද සුදා...."

" නෑ....නෑ....ඒවට අත තියන්න නම් හිතන්නවත් එපා රෙහාන්....."

" අනේ ඉතින්......."

" දැන් මං කිව්වා නේද.... මගෙන් ඔය දේවල් ඉල්ලන්න එපා එච්චරයි....."

" හරි ඉතිං මට ඔයාගෙන් ඕනේ නෑ...මං ගාව සල්ලි තියෙනවා මේ....."

මං එහෙම කියන ගමන් සහස්ට මගේ පස්ස පැත්ත පෙන්නුවා...නෑ මෙහෙමයි..... පස්ස පැත්ත කියලා කිව්වට මගේ පිටිපස්සේ සාක්කුවේ තිබුණු මගේ වොලට් එක තමයි මං ඒ වෙලාවේ සහස්ට දික් කරලා පෙන්නුවේ.....

" උඹ දැන් ගුටි කනවා රෙහාන්...."

" අනේ මං බය වෙයි....."

රිසෝට් එකට අඩිය තියපු ගමන්ම මං රතු කොඩි එක පිට එක වනන්න පටං ගන්නකොට මගේ ආදරණීය සහස් හිටියේ පුදුම කේන්තියකින් කියලා මට වටහාගන්න පුලුවන් වුනා.... ඉතිං එයාට කේන්ති ගියා කියලා මට පාන්ද අනේ...මොකද මේ වෙලාවේ සහස් මගේ ඉල්ලීම ඉෂ්ට කරන්න බෑ කියපු එකට මට ඊට වඩා හුඟක් කේන්ති ගිහිල්ලයි තිබුනේ......

~හීන~ [ONGOING]Where stories live. Discover now