24 වන කොටස

169 23 66
                                    

මහිමව ඩිස්චාජ් කරලා කියන පණිවිඩය ලැබුනු ගමන්ම වගේ මන් සහස් එක්ක හොස්පිට්ල් එකට එන්න ආවා...ඒත් ඉතිං එයාටවත් මටවත් ඒ හොස්පිට්ල් එක ඇතුලට නම් ගොඩ වෙන්න හම්බවුනේ නෑ .... මොකද පාකින් ලොට් එක පැත්තෙ ඉදන් රිතික අයියයි ලක්ෂාන් අයියයි අපේ පැත්තට දුවගෙන එනකොට මන් එහෙම්මම සහස් එක්ක හොස්පිට්ල් එන්ට්‍රන්ස් එක ගාවින් නතර වුණා.......

" ඒ.... සන්දේෂයා......"

" ෂාන් මේක හොස්පිට්ල් එකක් මිනිහෝ......"

" හරි හරි ඉතිං පෝ.....ඩ්ඩක් විතර සද්දෙ වැඩි වුනා....අයිම් එක්ස්ට්‍රීම්ලි සොරි වස්තුවේ...."

රිතික අයියා ලක්ෂාන් අයියට දෙහි කපනකොට සහස් එයාගේ ඔළුවත් දෙපැත්තට වනන ගමන්ම හොස්පිට්ල් එක ඇතුලට ඇවිදගෙන ගියා....ඉතිං මාත් ගිහින් එයාගේ අතක එල්ලිලා සහස් එක්කම මහිමගෙ වෝඩ් එක පැත්තට ගෑටුවා..... මොනවා වුනත් මේ ලක්ෂාන් කාරයා කියන්නේ මැරෙන්න වැටුනත් ඒකත් ආතල් එකට ගන්න ජාතියේ මනුස්සයෙක්... එක අතකට අපේ රිතික අයියා පව්..... මොකද ඉතිං ඌට උගේ ජීවිතේ ඉතුරු ටිකත් ගත කරන්න සිද්ද වෙන්නේ මේ ජෝකර් කාරයා එක්කනේ.....

රිතික අයියයි ලක්ෂාන් අයියයි අපිට පිටි පස්සෙන් එනකොට මං සහස් එක්කම මහිම අයියගෙ කාමරේ ඇතුලට එන්න ආවා.... හැබැයි එච්චරම තමයි.... මෙච්චර වෙලාම මගේ අත අල්ලගෙන හිටපු සහස් ඒ අත අත ඇරලා දාලා මහිම දිහා බලාගෙන ඉන්නකොට මහිමත් කලබල වෙන්න එපා කියන්නද කොහෙද උගෙ ඔලුව ලාවට වගේ උඩ පහල කරලා සහස් දිහා බලාගෙන හිටියා....

" සහස්......!!! "

"............."

"සහස් මං කතා කරන්නේ තමුන් එක්ක....."

" කියන්න....."

" තමුන්ගේ ෆෝන් එකට මොකද වුනේ....."

" .............. "

" සහස්......!!! "

" ඇයි......"

" මං තමුන්ගෙන් දෙයක් ඇහුවා...."

" ඉතිං....."

" තමුන්ගේ ෆෝන් එකට මොකක්ද සිද්ද වුනේ......"

" පොලොවේ ගැහුවා....ඇයි......"

~හීන~ [ONGOING]Where stories live. Discover now