45 වන කොටස

147 21 7
                                    

" දැන් එතකොට ලොකු බොසාලා දෙන්නම ගිහින් තියෙන්නේ එකම ඉස්කෝලෙටද අහ්........"

" ම්ම්.. ඔව්....."

" හරි අපි ඒක දැන් ටිකකට පැත්තකින් තියමුකො....එතකොට මොකක්ද බං මේ ෆොටෝ එකේ තියෙන කුනුහරුපේ ......"

" ඉතිං ඒකම තමයි බං මටත් තියෙන ප්‍රශ්නෙ ..... පොතේ හැටියට නම් දෙන්නා ඉස්සර ඉදන්ම හොඳම යාලුවෝ වගේ....."

" යාලුවො කියන්නේ බං මේ බලහංකෝ මේ ෆොටෝ එක දිහා බැලුවම ඒක මේ සාමාන්‍ය ඇඳුරුම් කමක් කියලා හිතන්න අමාරුයි රෙහාන්........"

දවල්ට කන්න කියලා ගෙනාපු කෑම ටික මේසෙ උඩ තනි වෙනකොට අපි හතර දෙනාම සාලෙ බිම වාඩි වෙලා කල්පනා කරේ දැන් ටිකකට කලින් මගේ තාත්තගේ කාමරේ පරණ පෙට්ටියක් ඇතුළෙ තිබිලා අපිට හම්බවෙච්ච ඒ පිංතූරය ගැන.....ඇත්තටම ඒක තාත්තා ඉස්කෝලේ යන කාලෙ ගත්ත පිංතූරයක්....බැලු බැල්මට නම් ඒ ෆොටෝ එක අරගෙන තිබුනේ ස්පෝට් මීට් එකක් තිබුණු දවසක......

" රෙහාන් මේ ...... උඹට විශ්වාසද බං මේ ඉන්නෙ උඹෙ තාත්තමයි කියලා......"

" කුණුහර්ප කතා කරන්න එපා අයියේ.... ඇරත් උඹලා මගේ තාත්තව දැකලා නැතුවද බං.... ආයේ අහවල් රෙද්දකටද මගෙන් ඔය වගේ ප්‍රශ්නයක් අහන්නේ අහ්....."

" සහස් මට නම් මේක විශ්වාස කරගන්න බෑ ඕයී.... මං හිතාගෙන හිටියේ අප්පච්චි මහේන් අන්කල් එක්ක නයි වෛරයි කියලා....."

" දැන් කොහොම වුනත් අතීතෙ ගැන අපිට ගෙස් කරන්න පුලුවන් කමක් නෑනේ මහිම......"

" ඒ කියන්නේ අප්පච්චි තාමත් මගෙ තාත්තා ගැන කතා කරනවද අයියේ....."

" ම්ම්....දෙතුන් වතාවක්ම අප්පච්චිගෙ කටින් ලෝයර් මහේන්ගෙ නම පිටවෙනවා මට ඇහිලා තියෙනවා බං.... හැබැයි ඉතිං ඒ හොඳ විදියට නම් නෙවෙයි......."

" ඒ කිව්වේ......."

" අප්පච්චි මහේන් අන්කල්ගෙ නම කියපු හැම තැනකම වගේ එයා නොකියා කිව්වේ....... "

මහිම කියන්න හදපු දේ එහෙම්මම ගිලගන්න කොට මං කෙලින්ම බැලුවෙ මගෙ සහස් දිහා.......

" අප්පච්චි මොනවද මගෙ තාත්තා ගැන කියලා තියෙන්නේ සහස්......."

" ඒ දේවල් දැන් මෙතනට අදාල නෑනේ රෙහාන්......"

~හීන~ [ONGOING]Where stories live. Discover now