40 වන කොටස

133 20 7
                                    

"ඒ ෂාන් උඹ ගාව PS5 එකක් තියෙනවා නේද...."

" ඕ රූම් එකේ ඇති...."

" එල..... බබා යං...."

ගැලපෙන උන් හමුවෙනවා..... ඒක ලොවේ සොබාව කියලා කිව්වට මොකද මෙච්චර ගැලපෙන උන් හම්බවෙනවා කියලා මං තේරුම් ගත්තේ මහිමයි නවෝදුයි සෙට් වුනාට පස්සේ... මොකද උන් දෙන්නටම තිබුනේ එකම වගේ ටේස්ට් එකක්...වීඩියෝ ගේම් නම් ආයේ නවෝද්ට වෙන මුකුත් ඕන වුනේ නෑ... බලං ගියාම මහිම කියන්නෙත් අමුම අමු වීඩියෝ ගෙම් පිස්සෙක්ලු....

" අහ් අහ්... දැන් තොපි දෙන්නා මෙතනත් ගේම් ගහන්න තියා ගත්තද අහ්...."

" ඇයි ඉතිං... මං වෙනදටත් ඕක ගහන්නෙ...."

මහිමයා නවෝද්වත් ඇදගෙන ගෙදර උඩ තට්ටුවට දුවන්න හදනකොටම ලක්ෂාන් අයියා කරේ මහිමව උගෙ අතින් අල්ලලා නවත්ත ගත්ත එක....

" ගහනවා...මං තොට කියන්නෑ මොනවද ගහන්න ඕනේ කියලා......"

" හරි හරි ඉතිං පොඩ්ඩක් ප්ලේ කරලා එන්නම්...තාම කෑම ටික ආවෙත් නෑනේ......."

" එහෙනම් අපිත් පොඩ්ඩක් එලියට ගිහින් එමුද චූටී...."

ලක්ෂාන් කාරයා එහෙං මහිමව නවත්තගන්න හදනකොට ඒකාගේ මල්ලි මෙහෙන් තව මගුලක් කියවන්න පටං ගත්තා....

" එකෙක් හෙල්ලුනොත් බලාගෙනයි...."

ඒ පාර නම් ඉස්සර වුනෙ රිතික අයියා.... උන් හතරදෙනා මෙතන ඉබ්බො හතර දෙනෙක් වගේ මූණට මුණ බලාගෙන ඉන්නකොට මටයි නවෝද්ටයි සිද්ද වුනේ අර පොඩි උන් රෑට හද බලනවා වගේ කටත් ඇරගෙන අපේ අයියලා ටික දිහා ඔහේ බලාගෙන ඉන්න...

" දැන් ඇයි මේ...."

" යකෝ දෙන්නා දෙන්නා එකතු වෙලා ආතල් ගන්න ඕනේ නම් මොන රෙද්දකටද අපි එක ගෙදරකට සෙට් වුනේ අහ්....."

රිතික අයියා කියපු කතාවෙත් වැරැද්දක් ඇත්තේ නෑ...මොකද ඉතිං කට්ටියම ප්ලෑන් කරලා එක ගෙදරකට එකතු වුනේ එකට ඉදගෙන විනෝද වෙන්න මිසක් දෙන්නා දෙන්නා ඉදගෙන ආතල් ගන්න නෙවෙයිනේ....

" හරි එහෙනම් දැන් මොකක්ද ප්ලෑන් එක...."

මහිම අයියා එහෙම ඇහුවත් හරි ලක්ෂාන් අයියගෙ මූණ බලාගෙන ඉන්නකොට එලිය වැටුනා.... මොනවා වුනත් උන් හැමදාම වගේ ආස කරේ ඒ යාළුකම කැඩෙන්න නොදී හයියට අල්ලගෙන ඉන්න.... ඉතිං එහෙව් එකේ කට්ටියම එකට ඉදගෙන එකතු කරන මතක වල තිබුනේ මහ පුදුමාකාර ලස්සනක්...

~හීන~ [ONGOING]Where stories live. Discover now