32 වන කොටස

155 24 12
                                    

" තාත්තා ගෙදර ඉන්නවද නන්දා අම්මෙ...... "

" ලොකු සර් ගෙදර ආවේ නෑනේ චූටි බේබී...."

" තාත්තා එන වෙලාවක් ගැන නන්දා අම්මට කිව්වද...."

" ඇයි චූටි බේබී මේ....."

" නන්දා අම්මෙ මං අහපු දේට විතරක් මට උත්තර දෙනවද...."

" කොහොමත් ලොකු සර් අද ගෙදර එනකොට හය හත විතර වෙයි මයෙ හිතේ.... ඇයි චූටි බේබී මොකක්හරි ප්‍රශ්නයක්ද...."

" ඔව්....මට එයා ආවම එයත් එක්ක විසද ගන්න ලොකූ ප්‍රශ්නයක් තියෙනවා....."

" චූටි බේබී මම......"

" මට ඕන්නැති කෑමක් නෑ නන්දා අම්මෙ....මං යනවා... ප්ලීස් මට ඩිස්ටබ් කරන්න නම් එන්න එපා හරිද......"

ජීවිතේ පලවෙනි වතාවට මං ගෙට ගොඩ වුනේම මගේ තාත්තා ගෙදර ඉන්නවද කියලා අහගෙන... හැබැයි ඒ ආදරෙන් තාත්තට තුරුලු වෙලා දවසෙ වෙච්ච කෙරිච්ච දේවල් ගැන කියන්නවත් නැතුව මේ තාත්තයි පුතයි විදියට එක කෑම මේසෙක වාඩි වෙලා එකට කෑම කන්න හිතාගෙන වත් එහෙම නෙවෙයි....මං තාත්තව හෙව්වේ එයා ඊලගට නටන්න යන නාඩගම ගැන මට සහසුද්දෙන්ම වගේ දැන ගන්න ඕන වෙච්ච නිසයි.... කරුමෙට මං මෙච්චර කාලෙකට මට ආදරෙන් සලකපු නන්දා අම්මට කවදාවත්ම උස් හඩින් කතා කරන්න හිතලා තිබුණෙ නෑ....ඒත් අවාසනාවට අද මං හින්දා ඒ මනුස්සයගෙ හිතත් හොඳටෝම රිදෙන්නෙ ඇති...මේ සේරටම වග කියන්න ඕනේ තාත්තා... එයාගේ වැඩ වලට පින් සිද්ද වෙන්න මං වෙන මිනිස්සුන්ගෙනුත් දැන් පලි ගන්න පටං අරගෙන......

අද හවස තියෙන ඉන්ග්ලිශ් ක්ලාස් එකටත් බම්බු ගහගන්න කියලා මං ආපු ගමන්ම කරේ ස්කූල් යුනිෆෝම් එක පිටින්ම මගේ ඇඳට වැටුන එක..... ඇයි තාත්තා මට මෙහෙම කරන්නේ....එයා මගේ සැනසීම නැති කරලා දාපු හින්දා මං ඒ සැනසීම මට පුලුවන් විදියට හොයාගන්න කොච්චර නම් කියලා මහන්සි වුනාද....දැන් එයාට ඕනේ ඒ හැමදේම මගෙන් ආයෙමත් උදුරගන්න....... මොනවා වුනත් මං ගිය ආත්මෙක හරි කරලා තියෙන්නේ ගෙවලා ඉවර කරගන්න පුලුවන් විදියේ එසේ මෙසේ කරුමයක් එහෙම නෙවෙයි..... මං හිතන්නේ මට මේ ආත්මෙදිත් ඒ වෙනුවෙන් සෑහෙන්න විදවන්න සිද්ද වෙයි.......

~හීන~ [ONGOING]Where stories live. Discover now