"මං ඇවිල්ලා ඉන්නේ මාමේ... ඔයාලා ගේට් එක ගාවට එන්න...... "හොස්පිට්ල් එක ලගට ආපු ගමන්ම මං මාමාට කෝල් කරලා එතනින් එලියට එන්න කියලා කිව්වා..... වොලට් එක ගන්න කියලා ගෙදරට අඩිය තිබ්බ විනාඩි දෙක තුනට ආපිට මං ගෙදරින් එලියට බැස්සෙ මගෙ හිතත් හොඳටෝම රිද්දගෙන වෙනකොට මං බය වුනේ මාමා ගැන... මොකද පොඩි කාලේ ඉදලම එයා මගේ පුංචිම වෙනස් වීමත් අඳුර ගත්ත එකේ මේ දැන් තියෙන මූණ දැක්කොත් නම් නැන්දගෙ ලෙඩ පැත්තකින් තියලා මාමා ගිහින් මගේ තාත්තත් එක්ක මරා ගන්නවා කියන්න මං හොඳාකාරවම දැනගෙන හිටියා.... ඉතිං ඒ හින්දම මං මවාගත්තු හිනාවක් මගේ මූණට ආරූඩ කරගෙන කැබ් එකෙන් එලියට බැහැලා බලාගෙන හිටියේ ඉස්පිරිතාලේ ගේට්ටුව දිහා.... ඔය එන්නේ අපේ රන්දිලු...අනේ මගේ මාමා පොඩ්ඩක් කෙට්ටු වෙලාදත් මන්දා.....
"මාමේ......"
මං පැනපු ගමන්ම කරේ මගේ මාමාව බදා ගත්ත එක... ඉස්සර නම් දුවගෙන ලගට ගියාම මාමා මාව උස්සලා වඩා ගන්නවා... ඒත් ඉතිං කාලෙත් එක්ක අපේ කරදඩු උස් මහත් වෙද්දී එයාලගේ අත පය වාරු නැතිව යනකොට අර පරණ පුරුදු වලට තිත තියලා අකමැත්තෙන් වුනත් අපිට යතාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙනවනේ ......
" කොල්ලො.... උඹ තවත් උස ගිහින්ද මන්දා රෙහාන්....."
" ම්ම්......"
වෙනසක් නෑ මං තාමත් හිටියේ මාමාගේ පපුවට තුරුල් වෙලා.... මොනවා වුනත් මෙච්චර වෙලාම මගෙ හිතේ ඇවිලිච්ච ගින්දර තත්පර ගානකට හරි නිවලා දාන්න මගේ මාමාට පුලුවන් වුනා......
" ඉතිං කොහොමද නැන්දේ... දැන් අමාරුවක් නෑ නේ... "
" නෑ පුතේ... මේ මාමා නිකාං බොරුවට බය වෙලා තකහනියක්ම මෙහෙ දුවගෙන ආවානේ...... "
මං මාමාගෙන් අයින් වෙලා එයාගේ අතේ තිබුණු බෑග් මල්ල අතට ගත්තා.... මං හිතන්නේ ඉස්පිරිතාලෙං කරපු ටෙස්ට් වල රිපෝට්ස්ද කොහෙද......වෙනසක් නෑ ඒ ආදරේ එහෙම්මමයි.... අවුරුදු ගානක් පුරාවටම මාමා නැන්දට දීපු ආදරේ එක අංශු මාත්‍රෙකවත් අඩුවක් නොවෙන්නම එයා තාමත් හරි ලස්සනට මගේ නැන්දා වෙනුවෙන් ඒ ආදරය පරිස්සම් කරන ගමන් හිටියා... එක අතකට මගේ මාමා වගේ කෙනෙක් ලබන්නන් නැන්දා හුගක් වාසනාවන්තයි.....
YOU ARE READING
~හීන~ [ONGOING]
Non-Fiction"උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." "උඹට බැරි වුනාට මොකද මැණික..... මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව් කරන්න..."