මුහුදු වෙරල.....
කිරිම කිරි පාට මුහුදු රැලි....රත්තරං කුඩු ඇතිරුවා හා සමාන වෙරල තීරය.....ඇත්තටම මේ මුහුදු වෙරල කියලා කියන්නෙම මතක අහුරක් හංගගෙන ඉන්න හරි අපූරු නවාතැන්පළක්....
මං හිටියේ සහස්ට එහා පැත්තෙන් ඇවිදින ගමන්...නිකං නෙවෙයි එයාගෙ අතත් තදින් අල්ලගෙන... ඇත්තටම මේ ගෙවෙන පැය ගානට මං පුදුමාකාර තරම් ආදරෙයි.....මොකද තමන් ආදරය කරන මනුස්සයා එක්ක ගෙවෙන එක තත්පරෙත් තමන්ට නොසෑහෙන්න තරම් වටිනවා කියලා කිව්වට ඒ කතාව සීයට සීයක්ම ඇත්ත කියලා මං අත්දැකීමෙන් විදින්න පටං ගත්තේ මගේ සහස්ව මට හම්බවුනාට පස්සේ.......
වෙලාව දැන් හවස හතරට විතර ඇති...ගිනි දවාලෙම මං මෙතනට එන්න ඕනේ කියලා සහස් එක්ක පොර ඇල්ලුවෙ වෙන මොකටවත් නෙවෙයි අර අප්පච්චි කියන මනුස්සයා ආයෙම වතාවක් මගෙ සහස්ව හොයාගෙන ඇවිත් ඒ ඇස් වල තියෙන සතුට එයාගෙන් උදුරගෙන යාවි කියලා ඇති වෙච්ච බය නිසයි.... ඒත් දවල් වරුවට මුහුදු වෙරළෙ ඇවිදින්න හරි අමාරුයි... අන්න ඒ හින්දම මට අකමැත්තෙන් වුනත් සහස් එක්ක එලියට එන්න ඕනේ නම් හවස් වෙනකම්ම ඔහේ බලාගෙන ඉන්න සිද්ද වුනා.......
මං හිතන්නේ අපි විනාඩි දහයක් විතර නිදහසේ කතා කර කර වෙරල පුරා ඇවිදින්න ඇති...සහස් නම් හිටියේ වැලි පොලොවේ වුනාට මගේ තිබිච්ච පණ්ඩිත කමටම මං එයාවත් ඇදගෙන මුහුදු වතුර පාගන්න දිව්වා....
" ඔය බලාගෙන රෙහාන්....උඹ වැටුනොතින් එහෙම ඔලුව හිල් වෙන්න ටොක්කක් අයිනවා හරි......"
" අහ්...මං බය වෙයි ඔයාගේ ටොක්කට.....සීනි දාලා වෙඩි තියනවා දැනගනිං කූඹි කාලා මැරෙන්න....."
කොච්චර කියවගෙන ගියත් අර කටුස්සා නිකං නන්දි මිත්‍රයගේ අප්ඩේට් වර්ෂන් එක වගේ ඉන්නකොට මේ අහිංසක මුව පැංචා වගේ ඉන්න රෙහාන් පුතා ආයේ මොනවා කියලා කරන්නද අනේ...අන්න ඒ හින්දම මං මගේ සද්දෙ ටිකක් අඩු කරගෙන එයාට ඕන දෙයක් කරගන්න කියලා පාඩුවේ පැත්තකට වෙලා ඉන්න තීරණය කරා...
මෙච්චර වෙලාම පිස්සෙක් වගේ මුහුදු වතුරට පැන පැන හිටපු මාවත් ඇදගෙන සහස් කෙලින්ම ගියේ මුහුදු වෙරලේ ගාල් කරලා තිබුණු මාලු අල්ලන බෝට්ටුවක් ලගට....... හවස හතර පහු වුනත් මෙහෙට තාම හරි අව්වයි... ඉතිං ඒ නිසාම අපි දෙන්නා අර බෝට්ටුවට පිට දීලා එතන බිමින් ඉදගෙන ඈත පේන මහ මුහුද දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා....
YOU ARE READING
~හීන~ [ONGOING]
Non-Fiction"උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." "උඹට බැරි වුනාට මොකද මැණික..... මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව් කරන්න..."