28 වන කොටස

147 18 140
                                    

" ඉන්ග්ලීෂ් පේපර් එක එච්චර අමාරු නෑ නේද බං ....."

" ම්ම්..... "

" අඩෝ ඒක නෙවෙයි රෙහානයා.... මොකක්ද ඕයි අර ඇවිල්ලා තිබ්බ රචනාව......."

" විකාරයි නේද....."

" රෙහාන්...... "

" ම්ම්...."

" මොකද බං මේ... උඹ තාමත් අර ඊයේ රෑ වෙච්ච සිද්ධිය නිසා අවුලෙන්ද ඉන්නේ අහ්......"

" නෑ බං.... "

" එහෙනම්..... "

" මචං උඹ අපේ තාත්තා ගැන හොඳට දන්නවනේ නවෝද්...."

" ඔව් ඉතිං....."

" මේ දවස් වල තාත්තගේ හැසිරීම හරි අමුතුයි බං......"

" අමුතුයි කියන්නේ....."

" මං මගේ තාත්තව හොඳට අඳුරනවා බං....එයා ඔය විදියට සන්සුන්ව ඉන්නවා කියලා කියන්නේ ඔලුව ඇතුලෙන් මොනවමහරි දෙයක් ගැන හොඳ ඇලට් එකෙන් ඉන්නවා කියන එක....."

" දැං ඇයි උඹට ඒ විදියට හිතෙන්නේ....."

" ඊයේ රෑ තාත්තා නන්දා අම්මගෙන් සහස් ගැන අහලා තිබ්බා...."

" මොකක්.... .. ඒත් තාත්තා කොහොමද බං සහස් ගැන දැන ගත්තේ....."

" දන්නෙ නෑ බං...ඒත් ඉතිං දැං කොහොමහරි දන්නවනේ..."

" තාත්තා කෙලින්ම සහස්ගෙ නම කියලම අහලද රෙහාන්...."

" නෑ බං... තාත්තා සහස් ගැන කිසිම දෙයක් දැනගෙන ඉදලා නෑ...... හැබැයි හැඩ හුරුකම් කියනකොට නන්දා අම්මා සහස් ගැන විස්තර කියලා....."

" ෂිට්..... එක අතකට ඉතිං නන්දා අම්මට මුකුත් කියලා වැඩකුත් නෑ බං... ඇරත් ඒ මනුස්සයා මේ දේවල් ගැන මොනවා දන්නවා කියලද......"

" ම්ම්...... ඒක නෙවෙයි නවෝද්... එදා රෑ උඹලා අපේ ගෙදර ආපු දවසේ තාත්තා ගෙදර හිටියද...."

" මොන...."

" මං තාත්තත් එක්ක රණ්ඩු කරලා අර ප්‍රශ්නයක් දාගත්තෙ... අන්න එදා.... එදා සහසුත් ගේ ඇතුලට ආවා නේද..."

" ඔව් හැබැයි එදා නම් උඹලගෙ තාත්තා ගෙදර හිටියේ නෑ බං ....."

" ඒ කියන්නේ තාත්තා එදා එලියට ගිහින්..."

~හීන~ [ONGOING]Where stories live. Discover now