42 වන කොටස

175 24 12
                                    

කලින් ගෙවිච්ච අවුරුදු වගේ නෙවෙයි මේ අවුරුද්ද ගෙවිලා ගිය ඉක්මන ගැන හිතනකොටත් මට නිකං විකාරයි වගෙ....ඇයි ඉතිං මැයි මාසේ අපි දොලහා වසරට පය තිබ්බා විතරයි පලවෙනි වාරෙත් ඉවර වෙලා තව මාසෙකින් අපේ සෙකන්ඩ් ටර්ම් එකත් පටං ගන්නවා... මේ ගෙවෙන්නේ අගෝස්තු මාසේ... ඒ කියන්නේ 2023 අපොස උසස් පෙළ විභහගය අද පටං ගන්නවා...අයියලා හැමෝටම ඊයේ කොල් කරලා විශ් කරා වුනාට සහස් යන්න කලින් මට එයාට විශේෂයෙන්ම දෙයක් දෙන්න ඕන වුනා....

උදේ හත වෙනකොට මං දත කට එහෙම මැදගෙන අපේ පාර ගාවට වෙලා බලාගෙන හිටියේ අයියා එනකං...මොකද විභහගෙට යන්න කලින් මං එයාව හම්බ වෙන්න එන්නම් කිව්වට මොකද එයාම ඇවිත් මාව හම්බවෙලා යන්නම් කියලා ඊයේ කොල් කරපු වෙලාවෙදි සහස් මට කිව්වා..ඉතිං විභහගෙට යන දවසෙදි යකා අවුස්සන්න බැරි හින්දම මාත් එයාගෙ තීරණයට අකමැත්තෙන් වුනත් එකඟ වෙනවා කියලා මගේ හිත හදා ගන්න තීරණය කරා......

මහ පාන්දර නොවුණට මොකද අද මුලු වට පිටාවම හරි අදුරුයි.... සමහර විට මේ දවස් වල වැහි කාලෙ නිසා වෙන්න ඇති.... සීතල හින්දම අත් දෙකත් සාක්කුව අස්සට ඔබා ගත්ත මම කොරවක්කෙක් වගේ මගේ බෙල්ලත් දික් කර කර පාර දිහා බලාගෙන හිටියේ සහස් කොයි වෙලාවෙද මෙතනට එන්නෙ කියලා හිත හිත.... හැබැයි ඉතින් මට හිත හිත ඉන්න ඕන වුනේ නෑ... මොකද කිව්වා වගේම එයා විනාඩි විස්සෙන් අපේ ගෙවල් පාර ගාවට ආවා......

" අයියේ......"

වටපිටාව අඳුරු වුනත් සහස්ගේ යුනිෆෝම් එක දිලිසුනේ හරියට නිකං ඒකට එල් ඊ ඩී බල්බ් හයි කරලා වගේ.. මොකද ඒ තරමටම අයියගෙ යුනිෆෝම් එක අද පර්ෆෙක්ට්....අනේ මන්දා මේ මනුස්සයව මං කොයි ඇදුමෙන් දැක්කත් ස්කූල් යුනිෆෝම් එකට පේන ලස්සන මට පේන්නේ නැත්තේ ඇයි සාන්ත....

" මේ සීතලේ එලියට වෙලා හිටියේ ඇයි චූටී...."

සහස් එහෙම ඇහුවෙ එයාගේ බයික් එකෙන් බිමට බහින ගමන්....

" ඔයා එනකංනෙ අනේ මං බලාගෙන හිටියේ...."

" ම්ම්....."

" මේ......ඔයා බය වෙලාද ඉන්නේ ඒයී....."

" එහෙම නෑ....."

~හීන~ [ONGOING]Where stories live. Discover now