𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 04

59 7 0
                                    

"මට බඩගිනි නෑ ඔප්පා.."

"එහෙම කියලා බෑ ඕක බොන්න.."

ජින් එමීගේ ඔලුවට එකක් ඇනලා කිව්වම එමීට ශෙනාල්ව මතක් උනා.කිරි එක අරගෙන ටික ටීක බොනකොට ජින් නම්ජූන් යුන්ගි හොබී හතර දෙනා ගියේ එමීට ඉන්න තැනක් හදලා දෙන්න.

"කොහෙද එමීට ඉන්න කියන්නේ.."

ජින් ඇහුවේ නම්ජූන් දිහා බලලා.

"අපි අර යුන්ගි හියෝන්ගේ කාමරේට ඉස්සරහ එක දෙමු.."

නම්ජූන් ජින් හොබී යුන්ගි තුන් දෙනත් ඒක අනුමත කරන්න වගේ ඔලුව වැනුවා.ජින් එක්ක තුන් දෙනා ගිහින් ඒ කාමරේ එමීට ඉන්න පුලුවන් විදිහට හදලා දුන්නා

______________________

කිරි එකත් හෙමීට හෙමීට බීලා ඉවර කරලා එමී ආයෙත් කල්පනා කරන්න පටන් ගත්තා.ටේ ජිමින් ජන්කුක් තුන් දෙනා එමී දිහා බලාන ඉන්නේ ජීවිතේට කෙල්ලෙක් දැකලා නෑ වගේ.

"ඔප්පේ මට ආයෙ ගෙදර යන්නම බැරි වෙයිද.?."

එමී ඇහුවේ කම්මුල් දිගේ ගලාගෙන ගිහින් තිබුන කදුලු පිහදාන ගමන් ඒ කතාවට වීමින්කුක් තුන්දෙනාටත් ටිකක් අවුල් ගියා

"ආයේ.... බලමුකෝ එමියා."

කියන්න ගියපු එක ගිලගෙන ටේ කිව්වේ ආයේ යන්න බෑ කිව්වොත් එමි ආයේ අඩනවා කියලා දන්න නිසා.

"ඒක නෙවෙයි ඔයාට අපිව දැකලා පුදුම නැද්ද..?"

ජිමින් කතාව වෙනස් කරන්න වගේ කියද්දි එමී ජිමින් දිහායි ටේ දිහායි ජන්කුක් දිහයි බැලුවා එමී නම් සසර කලකිරිලා වගේ ලුක් එකකින් බලාන ඉදියේ කවුද යකෝ බීටීස් ලව ලයිව් ඇස් දෙකට දකිද්දි පුදුම නොවෙන්නේ වගේ

"මුලදි පුදුම උනා..දැන් එකච්චර ගානක් නෑ.."

එමී ආයේ කියලා බිම බලාගෙන ආයේ දෙයක් මතක් උනා වගේ ඔලාව උස්සලා ජිමින් දිහා බැලුවා.

"මම දැන් ඉන්නේ කොරියාවේද ජිමින් ඔප්පා."

"ඔව්.."

එමී ආයෙත් බිමි බලාගෙන අතේ ඇගිලි පටලවගෙන ඇගිලි වලින් සෙල්ලම් කර කර ඉද්දි ජින් එක්ක අනිත් අයත් ආවා.

🥀𝐘𝐎𝐔 𝐀𝐑𝐄 𝐌𝐈𝐍𝐄🥀  𝖒𝖎𝖓 𝖞𝖔𝖔𝖓𝖌𝖎Where stories live. Discover now