𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 08

78 6 2
                                    

Emee's pov...

පහුවදා උදේම මම ඇහැරුනේ කන ලග ඉදගෙන මොකෙක් හරි කෑ ගහන නිසා ටිකක් වෙලා කන් දීගෙන ඉද්දි තමයි මීටර් උනේ ඒ මගේ පෝන් රාජයා නේද කියලා ඇදේ හතර පැත්තම අත ගාලා අත ගාලා අන්තිමට මම පෝන් එක හොයාගත්තා කෝල් එකත් ආන්ස්වර් කරේ මම නිදිමතේ 😴

"යොබුසෙයෝ එමී.."

"ඔබ ඇමතූ ග්‍රාහකයා දැන් නිදි බැවින් කරුණාකර පසුව අමතන්න......😴😴 නීංගල්..."

"යාහ් මෝඩ එමී නැගිටිනවා "

මම නිදිමතේම එහෙම කියද්දි කෝල් එක ගත්තු එකා මහ හයියෙන් කෑ ගැහුවා මගේ නින්ද කොහෙන් ගියාද දන්නෑ කෑවා නින්ද මොකාද මේ call id එක දකිද්දි තමයි මට ඇදේ ඉන්ද උනේ

"හේ.. හේ.. කුකී ඔප්පා..
මොකෝ මේ උදේ පාන්දර "

"$#%&% දොර ඇරපන් අපි මේක ඉස්සරහ ඉන්නේ "

මම ගොබ්බ හිනාවක් දාලා කියනකොට මට ඇහුනේ හැබැයි අසභ්‍ය වචන මාලාවක් හැබැයි පස්සේ කියපු එකට නම් මගේ මූණ ඇද උනා මුන් මොකද මෙහේ

"පාසාවර්ඩ් එක ******** එනවා ඇතුලට"

මම පාස්වර්ඩ් එකත් කියලා කෝල් එක කට් කරලා ආයෙත් ඉතින් ඇද බදාගෙන නිදාගත්තා විනාඩි පහකට විතර පස්සේ මම එක පාරම බිමට වැටුනා

"ආව් මගේ පස්ස $%$^$ ඉවරයි පිට ලෑල්ලක් වගේ තිබුනු පස්ස ලස්සනට හදාගත්තා විතරයි.... 😫😫
ඌයියා මොකද මල වදේ 😒"

මම කෑ ගැහුවේ මම වැටිච්ච පාර මට එලොව පොල් පෙනුන නිසා අර්ර් මේ බූරු පැටව් තුන් දෙනා එක්ක බෑ මම බිම වැටුනු පාර තුන් දෙනා හොදට හිනා වෙනවා

"හිනා වෙනවලා හිනා වෙනවලා ලේ පිරිසිදු වෙන්නත් එක්ක හිනා වෙනවලා මම මේ සමාජ සත්කාරයක් කරන්නේ 😒"

"හරි හරි මේ දැන්ද නැගිට්ටේ ආ"

ජන්කුක් ඔප්පා කිව්වේ මගේ ඇදෙන් නිදාගන්න ගමන් මම බිම ඌ ඇදේ මරු වැඩේ නේද හහ් පිලිගන්නවද මම වෙන්නති මේ හත් දෙනාව ගනන් ගන්නේ නැති එකම ජීවියා කියලා මමත් ආර්මි කෙනෙක් තමා 😁

"ඔව් 😒 අපරාදේ මගේ නින්ද කෑවා"

මම කිව්වේ බිමින් නැගිටින ගමන්

🥀𝐘𝐎𝐔 𝐀𝐑𝐄 𝐌𝐈𝐍𝐄🥀  𝖒𝖎𝖓 𝖞𝖔𝖔𝖓𝖌𝖎Where stories live. Discover now