𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 10

70 7 0
                                    

Yoongi pov...

ම්ම්ම්...
කොහෙන් පටන් ගන්නද... 🤔...
මුලින්ම අපි පටන් ගමු මරණ තර්ජන වලින්.. මෙහෙමයි මුලදි අපිට බය නොවී ඉන්න කියපු pd nim මේක පොඩි තුනට නොකිව්වේ එයාලා බය වෙයි කියලා උනත් අපිට එන්න එන්න මරණ තර්ජන වැඩි උනා මිසක් අඩු උනේ නම් නෑ ඔය අතරේ එක දවසක pd nim කිව්වේ ඒ කෙනා හොයාගත්තා කියලා

මුලදි අපි ඒක පිලිගත්තේ නැත්තේ ඒ වගේ වැඩක් කරපු කෙනෙක් මෙහෙම ලේසියෙන් අල්ල ගන්න පුලුවන් වෙයිද කියල anyway අපිට ලැබිච්ච massage  එකකට අපි ආවේ pd nim එන්න කියලා තිබුන තැනට

කොහොමහරි අපි හිතුවේ දැන් අපිට නිදහසේ හුස්ම ටිකක් වත් ගන්න පුලුවන් වෙයි කියලා උනත් අපි හැමෝගෙම කටවල් ඇරුනේ එතන හිටියේ අපි කොහෙත්ම බලාපොරොත්තු නොවුන කෙනෙක්

එතන හිටියේ කෙල්ලෙක්...
පස්සේ ඒ කෙල්ලව ගෙනත් තියෙන්නේ මිස්ටේක් එකකින් කියලා දැනගත්තම අපිට කරගන්න දෙයක් නැති උනා ඇයි දෙයියනේ මේකිගේ body එකත් ගෙදරට යවලා DNA වෙනස් කරලා ඒ මදිවට මේ කෙල්ලගේ funeral එකත් කරලා

ආ ඒකත් කමක් නෑ කියමුකෝ ඊලගට pd nim කිව්වේ "මේ කෙල්ලව dorm එකේ තියාගන්න කියලා" අන්න එතකොට තමයි මට උන්දගේ අම්මා මුත්තා කිත්තා කරිකිත්තා කැරපොත්තගේ ඉදන් මතක් උනේ

කොහොමහරි අපි හැමෝම කැමති වෙලා ඒකිව dorm එකට අරන් ආවා ටිකකින් කෙල්ලට සිහිය ආවම උතුර දකුණ මාරු වෙලා වගේ කල්පනා කරන්න පටන් ගත්තා.. 😏..
ඒ කෙල්ලගේ නම එමීලි කොහොම හරි ඉතින් ඒ වදකාරි එක්ක අපි හැමෝම මාස හතරක් ගෙව්වා එක වෙලාවකට මට බෙල්ල මිරිකලා මරන්න හිතුන අවස්ථත් නැතුවම නෙවෙයි

Pd nim ඇවිත් එමීට id එකක් passport  එකක් එක්ක එපාර්ට්මන්ට් එකක් අරගෙන දුන්නා කෙල්ල යනකොට නම් ඉතින් කට්ටියටම දුකයි මටත් ටිකක් දුකයි තමයි මොකද ඉතින් කොයිවෙලෙත් බෙලෙක්කේ හොලවපු ගමන් නේ

කොහොම හරි කෙල්ල සොංයී නූනා වෙනුවට වැඩ කරන්න ආපු එක ගැන නම් මට අමුතු සතුටක් නැත්තෙමත් නෑ ඒ ඇයි කියන්න මම දන්නෑ මට මැවිලා පේන්නේ මම ලග වැඩ කරන්නේ කියලා දැනගත්තම එමීගේ මූණ

නිකන් මහ රෑ කනත්ත ලගින් යනකොට මෝහිනී නූනා ඇවිත් බබාව පොඩ්ඩක් වඩාගන්නවද නැත්තන් සාරිය හදනවද කියලා අහනකොට වගේ මෙහෙමයි එමීට මමවත් මට එමීවත් පේන්න බෑ ඒක වෙනම කතාවක්.. 😌..

🥀𝐘𝐎𝐔 𝐀𝐑𝐄 𝐌𝐈𝐍𝐄🥀  𝖒𝖎𝖓 𝖞𝖔𝖔𝖓𝖌𝖎Where stories live. Discover now