"අපි කැමති ඒක අහන්න.."
කට්ටියම කියපු නිසා එමී එයාලට එයාගේ ගැන කියන්න පටන් ගත්තා.
"ම්ම් අපේ අප්පා ලංකාවට ඇවිත් තියෙනවා එයාගේ යාලුවා එක්ක.අප්පලා නුවරඑළියට ඇවිත් නැවතිලා තියෙන්නේ අපේ ඔම්මගේ අප්පා ඒ කියන්නේ අපේ හරාබොජි ගේ guest house එකේ එතනින් තමා අපේ ඔම්මව දැකලා තියෙන්නේ කොහොමහරි අපේ ඔම්මත් ඔප්පා පප්පා ගාගෙන ගිහින් අපේ අප්පව දැලේ දාගෙන.අප්පත් ඔම්මට කැමැත්තෙන් ඉදලා තියෙන්නේ ඊට පස්සේ ඉතින් අපේ හරාබොජි ගෙන් ඔම්මව අප්පා ඉල්ලලා.අප්පට ආයෙ කොරියා යන්න බෑ කියලා ඔම්මව දාලා ඒ නිසා අපපා කොරියන් යන්නැතුව ලංකාවේ නැවතිලා අපේ මව්තුමියව කසාද බැදලා ඊට පස්සේ අපේ අප්පා ආයේ ආවේ නෑලු මෙහෙට අපේ හරාබොජි නැති උනාම අප්පලා කොලබ ඇවිත් bussiness එකක් පටන් අරන්.අප්පගේ පවුලේ කවුරුවත් නැති නිසා අප්පා ආයේ මෙහෙ ආවේ නෑලු ඊට පස්සේ ඉතින් අපේ තොරොම්බල් කරත්තේ ඒ කියන්නේ අපේ ඔන්නි සමායා ඉපදිලා.ඊට පස්සේ අපේ ගොන් සහෝදර සමාගම කියන අපේ මොට්ට ඔප්පා ශෙනාල් හම්බ වෙලා.ඊටත් පස්සේ අහිංසකයි රටක් වටී වගේ ඉන්න මේ සුන්දර දියණිය මෙලොව එලිය දුටුවා.දැන් අපේ අක්කා පවුල් temple වෙලා ඉන්නේ අපේ මස්සිනා පොඩ්ඩ දිනුල් මටම හරි යනව.. හීහී.. උන් දෙන්නගේ පොඩි ඇටයා ඔක්කොටම හපන්..ඕක තමා ඉතින් මගේ කතාව.. හැබැයි අප්පා කියපු විදිහට නම් මම පොඩි කාලේ ඇවිත් තියේලු මට මතක නෑ"
එමී කියන එක කට්ටියම හිනා වෙවී අහගෙන ඉදියා.
"තාම ඉගෙන ගන්නවද.."
යුන්ගි ඇහුවේ එමී දිහා බලලා හිනා වෙලා.
අනේ මයේ හදවත් පොජ්ජ සසල වෙලා ගියා හිනාවේ ලස්සන...ඔහොම හිනා වෙන්න සුදෝ ඔයා එතකොට ලස්සනයි..මෙච්චර ලස්සන හිනාවක් තියෙනකොට තමා පුම්බන් ඉන්නේ..
"එමියෝ..."
එමී සිමෙන්ති ගනන් නිසා සිමෙන්ති වෙනුවට මැටි වලින් හදපු සිහින මාලිගාව පොලොවට සමතලා වෙලා ගියේ මැටි අංශුවක් වත් ඉතුරු කරන්නේ නැතුව මෙච්චර වෙලා මනෝ පාරක් ගහගෙන ඉදපු එමී හරි සිහියට ආවේ හොබී වැලමිටෙන් අතට ඇනපු නිසා..