𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 18

52 5 1
                                    

අපි ජේජු වල ඉදන් සෝල් වලට ඇවිත් අදට සති දෙකක්.ඇල්බම් එක කරලා සති දෙක තුනක් රිලැක්ස් එකේ හිටියට මොකද ආයෙම එයාලා වැඩ එක්ක බිසී උනා..මේ සති දෙකට මම යුංගි එක්ක කතා කරේ මැසේජ් වලින් විතරයි..කම්පැනි එකේදි උනත් වැඩ වලට මුණ ගැහුනා විතරයි..☹️..හැමෝම බිසී වෙලා මම ජින් ඔප්පලා එක්ක කතා කරේ උපරිම වචන දෙක තුනක් විතරයි..idol කෙනෙක්ගේ ජීවිතේ ගොඩක් අමාරුයි..හැම වෙලාවකම හිනා වෙලා ඉදියත් ඒ හිත් වල මහන්සිය වේදනාව උපරිමේටම තියෙනවා...

අද මම ටිකක් එලියට බැස්සේ මගේ නිවාඩු දවස නිසා...මට නිවාඩු තිබුනට එයාට නෑනේ..ඔය වෙලාවට තමයි මට තනි ඇහැට ඇඩෙන්නේ මට පාලුයිනේ අර එපාට්මන්ට් එකට වෙලා මමනි ඉන්න ඕන හූම්..ඒ කියලා මට එයාට කරදර කරන්න බෑ..එයා මෙච්චර අවුරුදු ගානක් මහන්සියෙන් ගොඩ නගා ගත්ත තැන මම නිසා නැති වෙන්න දෙන්න බෑ...

මම දැන් විනාඩි ගානක් බලාන ඉදියා බස් එකේ මට එහා පැත්තේ හිටගෙන යන කෙල්ලට ජැක් එකක් ගහගෙන ඉන්න නාකි මිනිහා දිහා.මූ නිකන් ගොම් බෙට්ටට ඇදෙන මැස්සා වගේ මේ කෙල්ලගේ ඇගේ ඇලෙන්න යනවා..අනේ ඉතින් මේ ගොන් ගහ මූ මෙහාට එන්න එන්න ඒකි එහාට එහාට යනවා..

"ඕයි වියපත් බඹරා..තමුසෙ අසහන කාරයෙක්ද ඕයි..මේ කෙල්ලගේ ඇගට ජැක් ගහන්නේ උබට කෙලින් හිට ගෙන යන්න බැද...අන්කල් කෙනෙක් නිසා ඉවසනවා නැත්තන් දෙන්නේ තොට සපත්තුවෙන්..ශීබල් සෙක්කියා.. " 😡

ඉවසලා ඉවසලා බැරිම තැන ඒ ඉවසලා මම සිංහලෙන් බාගයක් කියලා බාගයක් කොරියන් වලින් කියද්දි මුලු බස් එකම අර වියපත් බඹරා දිහා බලද්දි මිනිහටම ලැජ්ජා හිතිලා බස් එකෙන් බැහැලා ගියා...ආවා මෙතන නාකියා..පෙනේද හැටි විතරක් මී මැස්සෝ ප්‍රහාරෙකට අහු වෙලා වගේ මූණ ඉදිමිලා හැටි විතරක්...මේ වගේ උන්ට සලකන්න ඕන හොදට..

"අනේ තෑන්ක්ස් අක්කා.."

හෑ යකෝ.. මේකි සිංහලෙන් කතා කරේ මම උඩ බිම බලනකොට...ඔව්නේ යකෝ මේ ඉන්නේ සිරි ලංකන් යක්ක කෙල්ලෙක්නේ...මම දාන්න පුලුවන් ගොබ්බම හිනාව දාලා හිස් වෙලා තිබුන ශීට් එකක ඉදගද්දි අර කෙල්ලත් මට එහා පැත්තෙන් ඉදගත්තා.

🥀𝐘𝐎𝐔 𝐀𝐑𝐄 𝐌𝐈𝐍𝐄🥀  𝖒𝖎𝖓 𝖞𝖔𝖔𝖓𝖌𝖎Where stories live. Discover now