𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 11

79 9 1
                                    

නිල් පාට ඈත අහසේ කුරුල්ලෝ පියාබනවා ලස්සන ලස්සන මල් හැම තැනම පිපිලා විලක් එහෙමත් තියෙනවා පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න ඒක කුට්ටම් පොකුණද 🤔 ඔව් ඔව් ඒක තමයි කොහොම හරි නෙලුම් මලකුත් තියෙනවා ඒකේ කොලේක ගෙම්බෙක් ඉන්නවා මොනා නැතත් ලස්සන ගෙම්බා 🤤 උම්මා එකක් දුන්නොත් කුමාරයෙක් වෙයිද දන්නෑ

මම නිකන් පාවෙනවා වගේ හැගීමක් දැනෙනකොට අත් දෙක විහිදලා මම කැරෙකෙන්න පටන් ගත්තා මම දැක්කේ පූසෙක් මගේ ලගට එනවා අනා කියුට්.. 😍 මම එයාව වඩාගෙන කිස් එකකුත් දුන්නා ඌ මගේ අතෙන් පැනලා දිව්වා අනේ මගේ අතේ ඉන්න ඌටත් පින නෑ 😒 ඈ.....හ් සර්පයෙක් නේද අයියෝ කෑවා නේද ඌ මාව බේරගන්න ප්ලීස් හෙල්ප් මී අයියෝ 💔

"එමී.. එමී... නැගිටිනවා "

මම මැරුනද සරපයා කාලා විනාසයි අයියෝ මගේ තරුණ ලයිෆ් එක පොඩ්ඩක් ඉන්න මේ අර කොටලුවා නේද

"ඒයි තමුසේට මොකද එකපාරට මහසෝනා ගැහුවා වගේ උනේ 😅 "

මම වටපිට බලනකොට තමයි දැක්කේ මම තාමත් ඉන්නේ කාර් එකේ චික් නොදකින් මොන අවලන් හීනයක්ද ඒ අනුරාධපුරේ ගියපු වෙලාවේ කූට්ටම් පොකුණට අර අතේ තිබුන වඩේ එක දාපු එකේ ආනිසංස වගේ නේද මේ 🙂

"මගේ සර්පයෙක් කනවා මම දැක්කා 🙄"

"ඈ...හ්... 😅😅😅😅😅😂"

මෙන්න බොලේ මේකා එක පාරට හැක හැක ගගා හිනාවෙනවා 😒 හිනා වෙන්න දෙයක් කිව්වද මම මොනා නැතත් ලස්සන දත් ටික අපේ ගෙදර හිටපු ස්නෝවිගේ දත් සෙට් එක වාගෙම තමයි

"මොකද හිනාවෙන්නේ.."

"නෑ නෑ තමුසේ වගේම තමයි තමුසෙගේ හොල්මන් හීනත්.. "

"හැටි විතරක් රිලවා.."

"මොකක්ද කිව්වේ🤨 "

අපොයි ඇහිලා වගේ නේද අයියෝ බොරුවක් මතක් වෙන්නෙත් නෑ

"මම කිව්වේ අර තරුව ලස්සනයි කියලා"

මම අහස පෙන්නලා එහෙම කියනකොට තමයි මම අහස දැක්කේ අහසේ එක තරුවක් නෑ 😑 විලි ලැජ්ජාවයි

"මොන තරුද වැහි වලාකුලු තියෙන්නේ පේන්නැද්ද 🤨"

"හරි හරි 😒"

🥀𝐘𝐎𝐔 𝐀𝐑𝐄 𝐌𝐈𝐍𝐄🥀  𝖒𝖎𝖓 𝖞𝖔𝖔𝖓𝖌𝖎Where stories live. Discover now