𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 12

62 8 2
                                    

Yoongi pov...

"ආශ්... ශිට් මට මොකක්ද ඒ උනේ අප්පා..!! යාහ් එමීලි තමුසේ මට මොකක්ද මේ කරේ 😑 "

ගෙදර ඇවිත් වොශ් එකක් දාගන්න කියලා ඇවිත් මම mirror එක ලගට ගිහින් තොල් අල්ලලා බලද්දි ලාවට හිනා ගියේ උදේ එමීව කිස් කරපු එක මතක් වෙලා මම දන්නෑ ඇයි මම එමීව කිස් කරේ කියලා මොනා උනත් මට හොබී එක්ක ආව එමීව දැකලා රතු කට්ට පැන්නේ කිසි ගානක් නැතුව තෙමිච්ච ඇදුම පිටින්ම අපි හිටපු රූම් එකට ආව නිසා

"ඉතින් හොර පූසෝ මොනාද දැන් කියන්න තියෙන්නේ..? 😏"

"හා..හ් ජින් හියෝන් 😑.."

කොහොමින් කොහොම හරි වොශ් එකකුත් දාගෙන එලියට එද්දි මම ගැස්සිලා ගියේ මගේ ඇදේ ඉදගෙන ඇපල් ගෙඩියක් කකා මම දිහා අමුතු හිනාවක් දාලා බලාන ඉන්න ජින් හියෝන් ව දැකලා මට සාධාරණ දුකක් තියෙනවා අර වෙලේ ජින් හියෝන් වෙනුවට පොඩි උන් ගෙන් එකෙක් ආවනම් කියලා මොකද උන්ව ශේප් කරලා යැව්වැකි ජින් හියෝන්ට වඩා

"මම දන්නෑ.. "

"හාකෝ හාකෝ ඉතින් අපිත් මෙහේ තමා ඉන්නේ.. බලමුකෝ අපි නේද..  "

ජින් හියෝන් මගේ ඔලුවට එකකුත් ගහලා ගියා 😫 ඕකනේ බැරි ආයේ මේ මුලු මාසේම ඕක මතක් කර කර හිනා වෙයි

"ජිමින්ෂී!!"

සෝෆා එකට වෙලා ඉදගෙන හිටපු අපි ගැස්සිලා ගියේ ජන්කුකා කෑ ගහගෙන ආව පාර ලාවට නින්ද යාගෙන ආව අහිංසක ජීමිනා බිම පව් කොට ජීවිතේ නිට්ටන්ගේ ජාතියයි ජන්කුකාගේ ජාතියයි මතක් කරන ගමන් නැගිටපු ජීමිනා ජන්කුකා ගෙනත් දුන්න පෝන් එක අතට ගත්තා

"එමියා මොකද මේ වෙලාවේ.."

ජීමිනා පෝන් එකත් අරගෙන ආන්ස්වර් කරලා ආයේත් අපි ලගින්ම ඉදගද්දි මට ඉස්සරහ ඉදගෙන හිටපු ජින් හියෝන් මගේ කකුලට ගහලා නෝන්ඩියට හිනා උනා 😒 ජින් හියෝන් කියපු නිසා පෝන් එක ස්පීකර් ඔන් කරලම ජීමිනා කතා කරා

📲..

📞 : "යොබුසෙයෝ එමී බබා.."

📞: "යොබුසෙයෝ.. මේ හම්ටි ඩම්ටි කියන කෙනාද.."

පෲස්...💦💦💦

"යාහ්.. ජියෝන් ජංකුක්.. "

ම්වෝහ්.. 😶😐😂🤣.. මුලු ලෝකෙම විනාඩියකට නතර උනා වගේ අපි අතර තත්පර ගානක නිශ්ශබ්දතාවක් පැතිර ගියා 😂 හම්ටි ඩම්ටි ඒක ඇහිච්ච වෙලාවෙම ජන්කුකා බිබී හිටපු බනානා මිල්ක් එක හොබියගේ ඇගේ ඒකටත් වැඩිය අපිට හිනා ගියේ හම්ටි ඩම්ටි කෑල්ල කියපු වෙලාවේ ජිමිනාගේ මූණ ඇද වෙලා ගියපු විදිහට 😂💔

🥀𝐘𝐎𝐔 𝐀𝐑𝐄 𝐌𝐈𝐍𝐄🥀  𝖒𝖎𝖓 𝖞𝖔𝖔𝖓𝖌𝖎Where stories live. Discover now