𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 17

48 3 0
                                    

ටිකක් හවස් වෙලා මම පොඩ්ඩක් එලියේ ඇවිදලා එන්න ගියා. හරි නිදහස් පැත්තක් මේක අනේ අම්මා මට ඔයාලව ගොඩක් මතක් වෙනවා 🥺 දැන් මාස කීයක් මම ඔයාලා නැතුව ඉන්නවද.මට ගොඩක් පාලුයි ඔයාලා නැතුව ආයෙ නම් ජීවිතේට ගෙදරින් යන්න ප්ලෑන් කරන්නෑ.. 😓

🍂.. 🍂..

"ක..කව්ද.. ඔතන.. 🙄"

අම්මලා ගැන හිත හිත ගහකට හේත්තු වෙලා ඉදිය මට ඇහුනේ පදුරක් අස්සෙන් කව්රුහරි දගලන සද්දයක්.. ඇනකොණ්ඩෙක්වත්ද...... 😱.... දෙවියනේ එහෙම නම් වෙන්න එපා මම ටිකක් පුරුෂ ශක්තිය පෙරදැරි කරගෙන ටිකක් ලගට ගිහින් එබිලා බැලුවා

"අනේව්.. ඔයා කොහොමද මෙතනට ආවේ චූටි පැටියෝ..  උම්මා 😚.. කෝ ඔයාගේ අම්මා.. ඔයත් මම වගේම තනිවෙලාද පැටියෝ.."

මම දැක්කේ පදුර අස්සට වෙලා දගල දගල හිටපු හා පැටියෙක්ව. එයා චූටිම චූටි පුලුන් බෝලයක් වගේ.. අනේ එයාගේ අම්මලා ඉන්නවද කියලා මම ටිකක් හොයලා බැලුවා. අනේ කෝ හාවෙක් තියා කූබියෙක් වත් නෑ.. ම්ම්.. මෙයාව මෙතන දාලා ගියොත් මේ වැසි වනාන්තරේ මොකෙක් හරි සතෙක් මෙයාව කාලා දායි.. ම්ම්හ්.. මොකද කරන්නේ....හරි පත්තුඋනා 💡

"චූටි පැටියෝ...ඔයා එමී අක්කා එක්ක යන්න එනවද.. බෑ කිව්වත් දැන් නම් අරන් තමයි යන්නේ...හී හී.. "

මම හා පැටියවත් උස්සගෙන වට පිට බලලා වෙන මොකෙක් හරි සතෙක් ඉන්නවද කියලා බැලුවා ම්හ්.. පව්.. එයාව මම තියාගන්නවා..

ටිකක් රෑ වෙලා තිබුන නිසා ආයෙම ගෙස්ට් හවුස් එකට යන්න යන්න යනකොට එකපාරටම මගේ පිටි පස්සෙන් ආව මිනිස්සු ටිකක් මගේ ඇස් දෙකට කලු රෙදි පටියක් බැන්දේ මම උනේ මොකක්ද කියලා කල්පනා කරද්දි

"ඈ....හ් කව්ද තමුසෙලා"

මම හාවව තුරුලු කරගත්තත් ඌත් බයවෙලා දගලලා මගේ අතෙන් පැනලා දිව්වා. ඒ මිනිස්සු ටික මාව ගස් ගල් මුල් උල් උඩින් ඇදගෙන යන්න ගියේ මම බේරෙන්න කෑ මොර දෙද්දි. එකෙක් මගේ කට අතෙන් වහද්දි මම උගේ අත හැපුවේ උට වල්ගාතරු මන්දාකිණි වගේම මුලු සෞරග්‍රහ මණ්ඩලේම සිහිකරලා ඒත් උන් නෝ කතා නෝ සිනා අනේ මගේ හා පැටියා ගියා..🙁

🥀𝐘𝐎𝐔 𝐀𝐑𝐄 𝐌𝐈𝐍𝐄🥀  𝖒𝖎𝖓 𝖞𝖔𝖔𝖓𝖌𝖎Where stories live. Discover now