12 - කඩචෝරු

73 16 1
                                    

වැස්ස වහින හවසක
කළුවර අහස යට
තදාසන්න නගරෙක
හයියෙන් හඬන යන්තර මැද
හයිලෙවල් පාරේ කොණක
මුරුක්කු කඩේ වීදුරුවක අත තියාගෙන
හේත්තු වී එක අතක කුඩේ අරගෙන
පහළට වැටුණු නිල් පාට මුකවාඩම
පොඩ්ඩක් ඇද වුණ නළ දත
හිනාවෙන කොට මගේ උරයට උඩින් බලාගෙන
හරි ලස්සනයි ඔබ කවියක් වාගෙම 

මට ඕනෑ වුණේ නුඹ ගාව තිබුණු මුරුක්කු කඩේ මුරුක්කුද
වැස්ස වහින නිසා නුඹ අතේ තිබුණු කුඩේද
නැතිනම් කැඩුණු මුකවාඩම වෙනුවට නුඹේ එකද
දවසම ඇඳපු නිදා දාඩියෙන් තෙත් වුණ
රතු සුදු ඉරි වැටුණු ඔබේ නිල් කොලර් කමිසෙද
එහෙමත් නැතිනම්
කටින් නොකිව්වත් හැමදාම හිතින් ඉල්ලපු 
වටිනා කියන ඔබේ අවදානෙද?

අත්මාරු පෙති තෝරු 
මට මොටද කඩචෝරු
ඇඟිලි තුඩු වලින් ඉස්සිලා
බස් එකේ අත්වැලේ එල්ලිලා
කියන්නට තියෙනවා නම් තවත් දේවල්
ඔබේ අත යට හැංගිලා 


_____

2023. 10. 19
(2023 - 10 - 18 වැනි වැසි බදදා දිනය වෙනුවෙන් ලියන ලදි)


ඇස්ටර් මල් පෙති | poemsWhere stories live. Discover now