21 - ප්‍රේමණීය නොවූ වැස්ස

26 6 0
                                    

වැස්ස,
ප්‍රේමණීය නොවූවද
මරාගත් අඹුසැමිද දරුවාද
රොක්ව එක කුඩය යට
කතා බස් නොකර සිටි පෙම
නැවත බසය තුළ තුරුළු කොට
හඬමින් සිටි කඳුළු පිසදා
කොපුල් නළවාලමින

හැබෑවටම,
ප්‍රේමණීයයි නොවෙද වහින මේ වැස්ස
අනතුරක් නොහඟවාම
එක දිගට!


 S. නිහිනි ලිසාරා
2024. 01. 07

ඇස්ටර් මල් පෙති | poemsWhere stories live. Discover now