17 - සින්ඩරෙල්ලා

40 8 1
                                    

ඉරුණු ගවුමක රැළි අතර හිඳගෙන
සින්ඩරෙල්ලා කුමරෙකු ඉල්ලුවේ නැත
ඇයට උවමනා අලුත් ගවුමක පහස
එක් රැයක නිවාඩුව සංගීතය සමග 

වැකුණූ දූවිලි විසල් මැදුරක
වැඩකාරියක නොවූවද ඇය
තැළුණු නිසාවෙන් වදන් අතරම
අවැසි විය ඈ හට ආදරය

බිඳී නැති වීදුරු සපත්තුව
පඩිපෙළක අතහැරී ගිය විට
ඔහුත් විය එක් කුමරෙකු පමණක්
වීදුරු සපත්තුව මග හැරී ගිය

සින්ඩරෙල්ලාට කුමරෙකු උවමනා වූවාද
වැටුණු වීදුරු සපත්තුව අහුල ගන්නට
නැතිනම් ඇය ඒ ගැන නොසිතා
ගෙවුණු රැය ගැන තුටු පහටු වූවාද

නොදන්නා කතාවක දන්නා අයෙකු වීම ගැන
සින්ඩරෙල්ලා දැන් ඔබට සතුටුද
ප්‍රින්ස් චාමින් නුවුමනා බව දැන දැන
තවත් මොකටද ඒ වෙනුවෙන් කාලය


_____

2023. 12. 08


ඇස්ටර් මල් පෙති | poemsWhere stories live. Discover now