25 - දෙයියන්ගේ නාමෙට

25 6 0
                                    

වදන් නොකියන බැලුම් ඔරවන
අතින් පෙන්වන වදන් රළුවන
සිනහා වියැකෙන ‌වෛර මතුවන
ගිනි පුපුරු යට ආලේ නොනසින

කොණක ‌ඔබ සිනහා වල කල 
දුර ඈත සිට පෙමින් නරඹන
ඔබ රවන කල බලන ඉවතට
අහෝ ප්‍රේමය නොයා ‌වියැකෙන

එළිවැටකි මියැදෙන
හැඟුම් හැරෙනා වදනට
විරහවත් පෙමක් විය
කවියෙකුට දැනුණු කල

අනේ උස වයලීන ගායක
දෙයියන්ගේ නාමෙට
දැන්වත් පලයන් නොපෙනී
මගේ හිතෙන් අහකට

උඹට පෙම් කරලම
හති වැටී ඇත මට
දුඹුරු ඇස් දෙස බලා
කෙසේ නම් වෛර කරනුද?


- 2024. 02. 04 -

ඇස්ටර් මල් පෙති | poemsحيث تعيش القصص. اكتشف الآن