18 - මායාව

49 9 0
                                    

මායාවක් වුණා නම් ඔබ කියන ලෙස හැම
හැකි විටෙක මවාගන්න රස විඳින්න
හැකි විටක පුළුවන් කරන්නට අමතක 
කිසි විටක අතින් ඇල්ලිය නොහැකි වුණ

ඔබ මායාවක් වුණේ කොහොමද
හැපූ පහරවල් තවමත් ඇති විට
හූරා දැමූ සලකුණු තවමත් ඇති විට
ස්පර්ශයේ රස තවම දැනෙන කොට

කියනවා නම් ඔබ මායාවක්මයි කියා
පිළිගන්නම් මම එය හිස එක්වර සළා
පැමිණෙනවද දිනෙක ඔබ නැවත මා කරා
තහවුරු කරනට ඔබේ පෙම මායා නොවන බව කියා 

_____

2023. 12. 20




ඇස්ටර් මල් පෙති | poemsWhere stories live. Discover now