20 - බිඳුණු පෙම්වතියකගේ පළමු කවිය

51 5 0
                                    

මතකද ඒ දවස්වල අපි පාරේ හිනා වුණ හැටි
ඔබේ කර මත පැන පාරේ කෑ ‌කෝ දෙමින්
මතකද එනකොට කතා වුණ හැටි ගොඩක් දේවල්
බස් ඒකේ රතු නිල් ලයිට් නිවි නිවි දැල්වෙද්දි

අද මම පාරේ එනකොට අඳුරේ තනියම
මම ඔබ එක්ක එදා හිටගෙන හිටපු තැනම
ඉන්නවා වෙනත් කෙල්ලෙක් ඔබ එක්ක
මගේ ‌නමේ අකුරෙන්ම නම පටන් ගන්න

හිනාවෙනවා ඔබ ඇය එක්ක මාත් එක්ක හිටි විදියටම
නගනින්ට දෙනවද ඇයටත් ඔබ ඔබේ ඔය කර මතට
කියනවද අපි කතා වුණ රහස් දේවල් හැම දේ ඇයට
සිපගන්නවද ඇයවත් කිසිවෙකුත් නැති විටෙක?

මට විහිළු කර විදිහයට ඇයටත් ඒ විහිළු කරනවද
බස් එකේ එළි යට ඇගේ අතත් අල්ල ගන්නවද
කමිසයේ කොණ ඇයටත් ආධාරෙට ‌දෙනවද
වැටෙන්නට යන වියදි ඇගේ ඉණත් අල්ලනවද?

මම පාරේ යනකොට මං දිහා තාම බලනවද
ඇය මගේ වී හිටියා යැයි අලුත් ඇයට කියනවද
හැර ගියේ ඇයි කියලා හේතුවක් ලියා එවනවද
රිද්දගත්ත දවසට මම ආයෙත් ඇවිත් වැළඳ ගන්නවද?


• බිඳුණු පෙම්වතියකගෙන් කවියක් -

2024. 12. 13

ඇස්ටර් මල් පෙති | poemsWhere stories live. Discover now