🩸Chapter1🩸

72 12 22
                                    

පංතියේ කොනේ තිබුන හිස් වුණ පුටුව දිහා මං බැලුවේ කනස්සල්ලෙන්.

හොඳම යාළුවා ඉස්කෝලෙ ආව නැති දවසට දැනෙන තනිකම මොනවගේද කියලා බලන්න ඒක විඳින්නම ඕනෙ.

වෛරස් උණ හැදිලා මගේ හොඳම යාළුවා, සුකි සති හතරක ඉඳන් ඉස්කෝලෙ එන්නෙ නැහැ.ඇත්තටම මට එයා නැතුව දැනෙන්නෙ මහ කාලකණ්නි තනිකමක්.

අනික අලුත් ඉස්කෝලෙ මට යාළුවෙක්ට කියලා හිටියෙ සුකි විතරයි. වෙන කිසිම ළමයෙක් මාව තඹේකටවත් ගණන් ගන්නෙ නැහැ. මම හිතන්නෙ ඒකට මං දුප්පත් කෙල්ලෙක් වුණ එකත් බලපාන්න ඇති.

ඒත් සුකි හරි වෙනස්..... එයාව දකින හැම වෙලේම මට මතක් වෙන්නෙ අවුරුදු ගාණකට කලින් කැන්සර් එකක් නිසා නැති වෙච්ච මගේ අක්කව.

සුකිත් අක්කා වගේම මාව බලාගන්නවා.... එයා හැසිරෙන්නෙ හරියට කොල්ලෙක් වගේ ඒ නිසා මුළු ඉස්කෝලෙම එයාට කිව්වෙ කොලුබාගෙ කියලා.

එතකොට මං ..... මාව හැදින්වුවෙ සුකිගෙ ගර්ල් ෆ්රෙන්ඩ් හැටියට.

දැන් ඔයාලත් හිතනවා ඇති අපි සමලිංගිකයො කියලා.

අපොයි එහෙම දෙයක් අපි අතර නෑ. සුකිට බෝයි කෙනෙක් ඉන්නවා. එතකොට මට..... මට බෝයිලා නෑ..... මොකද මට තියන ප්‍රශ්න කන්දරාව හොඳටම ඇති.

"කෝ අද ඔයාගෙ බෝයි ෆ්රෙන්ඩ් නැද්ද?"

ඒ කෑගැහුවෙ ජීහු. පංතියේ ඉන්න හයේ හතරෙ කොල්ලා. ඒ වගේම චන්ඩියා. මං ඉතිං හැමදාම වගේ ඩෙස්කෙ උඩින් ඔළුව තියාගත්තා.

"මොකද අද බෝයි ෆ්රෙන්ඩ් නැතුව බැට්රි බැහැලද? වෙනදට නං සූකි එක්ක ඔය කොහෙ හරි මුල්ලකට වෙලා කිස් කරන කෙල්ලනෙ අද මේ බකන්නිලන් ඉන්නෙ"

ජීහුගෙ ජරා කතා වලට හැමතිස්සෙම එයාගෙ වටේ බලු රංචුව වගේ කැරකෙන යාළුවො ටික සද්දෙට හිනා උනා. ඒත් මම නෙවෙයි ඔළුව උස්සලා බැලුවෙ.

"මොනාද කෙල්ලෙ ඔයා කල්පනා කරන්නෙ ? සුකි ඔයාව කිස් කරපු හැටිද?"

ඉවසීමේ සීමාව රතු කටු කඩන් උඩට යද්දී මං පුටුවෙන් නැගිටලා ජීහු දිහා බැලුවා. එයාගෙ කෝපි බිංදු දෙකක් වගේ තද කළු ඇස් හරිම තියුණුයි.

🩸 SWEET SCENT OF BLOOD 🩸 || PJMWhere stories live. Discover now