🩸Chapter10🩸

39 6 2
                                    

මට ඇහැරුනේ රස්නෙන් ඉර එළිය ඇඟට වැටෙද්දි. අත පය හිරි ඇරපු මම අවසිහියෙන් වගේ වට පිට බැලුවමයි තේරුනේ මම ඉන්නෙ මගේ කාමරේ කියලා.

ඒ කියන්නෙ ජිමින් ඊයේ රෑ ඇවිත් නැහැ... මට දැනුනේ පපුව පැලෙන්න තරම් දුකක්.

ඒත් අඬන්න හයියක් නොතිබුන නිසා මම පැය ගණන් සිවිලිම දිහා බලන් ඔහේ හිටියා.

මගෙ දෙමව්පියො කොයිතරම් බල කලත් මම නෙවෙයි කෑම පොදක් කටේ තිබ්බෙ.

අඩුතරමෙ මම කාමරයෙන් එළියට අඩියක්වත් තිබ්බෙ නැහැ.

ජිමින් දීපූ මාලේ මං කරේ දාගත්තා. මං අන්තිම වතාවට එයාගෙ සීතල දෙතොල් උඩ සටහන් කරපු හාදුව මනෝමයෙන් රස වින්ඳා. ඒත් ඇයි එයා මාව බලන්න නාවේ?

එක පාරටම මට මතක් උනේ සෙලීනව... මම එයාව මතක් කරනකොට එයාට ඒක දැනෙනවා... ඒක තමයි එකම මඟ. මම ඇස් පියන් සෙලීනව මතක් කළා... ටික වෙලාවකින් මට ඇහුනෙ ජීහුගෙ කටහඬ.

"රියා.... මම කාමරයට එන්නද? "

ජීහු මොකද උදේ පාන්දර මෙහෙ ආවේ?  ජීහු කරපු වැඩේ නිසා මට එයා ගැන දැනුනෙ තරහක් .

"එන්න"

ජිහු කාමරයට ඇවිත් අහන්නේ නැතුවම ඇඳ කොනක වාඩි වුණා.
අත් නැති බැනියමක් ඇඳලා හිටපු නිසා එයාගෙ වැඩුණු මාංශපේෂි කැපිලා පේනවා.

කෙල්ලො ඕවට කොහොමත් පිස්සු වැටෙනවනෙ.... හැබැයි මම ඒ ගොඩේ හිටියෙ නැහැ.

"දැන් දිගටම ඔහොම ඉන්නද කල්පනාව ?"

"ඔව්"

"නොකා නොබී වව්ලෙක් වගේ ගේ අස්සට වෙලා ඉන්නද ඕනෙ?"

"ඔව්"

"රියා..... අපි ඔයාට කළේ හොඳක්... "

මම සමච්චලයට හිනා වෙලා අනිත් පැත්ත හැරුනා.

"ඔයාගෙ පිසාච යාළුවෙක් ඇවිත් ඔයාව හම්බවෙන්න"

"කෝ කොහෙද?"

මම ඇඳෙන් බැහැලා එළියට දිව්වෙ නොයිවසිල්ලෙන්. අනිවාර්යයෙන්ම ඒ සෙලීනා වෙන්න ඕනෙ.

"ඔහෙ නෙවෙයි... පරණ පිට්ටනිය ගාව ඉන්නෙ එයා"

සපත්තු දෙක දා ගත්ත මම එක පිම්මට පරණ පිට්ටනිය පැත්තට දිව්වා.

🩸 SWEET SCENT OF BLOOD 🩸 || PJMWhere stories live. Discover now