🩸Chapter14🩸

30 5 2
                                    

මොකක්ද දැන් කරන්න හදන්නෙ? "

මං ජිමින්ගෙන් ඇහුවා. එයා හිනා වෙලා මගේ නළලට එයාගෙ නළල හේත්තු කළා.

"ඔයා පාර්ක් පෙළපතේ වැම්පයර් කෙනෙක් හැටියට පිළිගන්න හදන්නෙ. ඒකට ඔයාට ලේ බොන්න වෙනවා"

"ලේ.... මං කොහොමද ලේ බොන්නෙ?"

"ඔයා අනිවාර්යයෙන් බොයි"

රත්තරං පාට උස වීදුරුවක් ගෙනාපු ටේ හිනාවෙලා මා දිහා බැලුවා

රත්තරං පාට උස වීදුරුවක් ගෙනාපු ටේ හිනාවෙලා මා දිහා බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මේක ඔයා ජීවිතයට බීපු රසම දේ වෙයි රියා.  සතුටින් පිළිගන්නවා ඔයාව"

ටේගෙ අතින් ජිමින් වීදුරුව අරගත්තා. මම දැක්කා විදුරුව රතු ලෙයින් පිරිලා තියන හැටි..

ජිමින් වීදුරුව මට ලං කරනකොට දැනුනේ කියාගන්න බැරි තරම් රසවත් සුවඳක්.

මගේ කටට කෙල ඉනුවෙ මටත් නොදැනිම. වීදුරුව ජිමින්ගේ අතින් උදුරගත්තු මම එක හුස්මට මහා ලෝභ කමකින් ලේ පිරුන වීදුරුවම හිස් කලා.

මගේ සිරුර අලුත් ලෙයින් ප්‍රාණවත් වෙන හැටි මට තේරුනා. ඒක විස්තර කරන්න අමාරු පුදුමාකාර හැඟීමක්. ගමේ ඉන්න මිනිස්සුන්ගෙ ලේ සුවඳ දහඩිය ඉව මට සංවේදනය වෙන්න පටන් ගත්තා. මට ඕන උනා ඒ හැමෝගෙම ලෙයින් මගේ බඩ පුරවගන්න.

දෙපාරක් නොහිතපු මම වෙඩිකාපු සතෙක් වගේ ඇඳෙන් පැන්නත් අත පය විලංගු වලින් මාව තද උනා.

"අපිට මෙයාව රිදී කුඩුවකට දාන්න වෙයිද චිමි?"

සුකි ඇහුවෙ බයවෙලා වගේ.

"මෙයා ඒ තරම් භයානක නැහැ. අපිට පුළුවන් මෙයාව පාලනය කරගන්න."

ලේ පිපාසයෙන් දඟලන මං උත්සාහ කලේම එතනින් පැනලා ගමට යන්න.

🩸 SWEET SCENT OF BLOOD 🩸 || PJMWhere stories live. Discover now