🩸Chapter2🩸

55 12 11
                                    

මගේ පුංචි ඇග පොලවට චප්ප වෙලා යද්දි පිස්සු හැදිලා වගේ මගේ බෙල්ලෙ හපා කාපු කොල්ලා ඊළගට මගෙන් උරපු ලේ උගුරක් ගුඩුස් ගාලා ගිලිනවා ඇහුනා.

මට දැනුනේ දරාගන්න බැරි විදිහෙ වේදනාවක්. රත් කරපු යකඩෙකින් පිච්චුවා වගේ දැවිල්ලක්.

" ජන්කුක් නවත්තපං ඕක "

කවුරුහරි මහ හඬින් කෑ ගැහුවා. කටවටේ තැවරුණු ලේ ආසාවෙන් ලෙව කාපු කොල්ලා කට හඬ ඇහුන දිහාට හැරිලා පොරයකට ලෑස්ති උන ව්‍යාඝ්‍රයෙක් වගේ ගිගුරුවා.

මුළු ඇඟම පණ නැතුව අන්ත අසරණ වෙලා හිටපු මම කදුළු අතරින් දැක්කා තව පිරිමියෙකුගෙ ඡායාවක්. ඇසි පිය ගහන ක්ෂනයෙන් ඒ රුව අපි ගාවින් මතු උනා. මං දන්නෑ එයා ඒක මොනවිදිහට කලාද කියලා . හරියට කාලය හරහා ආවා වගේ.

"නවත්තපං"

එයා කතා කලේ වියරු වැටිලා ඉන්න කොල්ලා දිහා එක එල්ලේ බලන්. ඒ අළු පාට ඇස් ඔප දාපු මැණික් කැට දෙකක් වගේ දිලිසුනා.

"උඹේ වැඩක් බලාගනින්"

ආපහු මගේ බෙල්ලට නැඹුරු උන කොල්ලා එයාගෙ දික් උන රදනක දත් වලින් ආපහු මගේ බෙල්ල සිඳුරු කරා. උල් දත් කිඳාබැහැපු වේදනාව දරාගන්න බැරුව මම මරලතෝනි දුන්නා. මගේ යට ඇඳුම් පවා බයටම තෙත් වෙලා ගියා.

දත් මිටි කනගමන් හිටපු රතු ඇස් හිමිකාරයා , ගිජු කමින් මගේ ලේ උරන කොල්ලගෙ බෙල්ලෙන් අල්ලලා ඉස්සුවා.

එයා රොඩ්ඩක් වගේ මගේ ඇඟ උඩින් ඇදිලා ගියා. විනාඩියක් යන්න කලින් ඒ කොල්ලව විසි උනේ සාලේ තිබුන ලොකු කබඩ් එකක් උඩට. කබඩ් එක කුඩු වෙලා ඒකේ තිබුන යකඩ පටියක් කොල්ලගෙ බඩ පසා කරන් උඩට ආවා.

ඊළගට ඒ අළු ඇස් හැරුනෙ මා දිහාට.... මම බයෙන් පස්සෙන් පස්සට බඩගෑවා. සාලෙ දොරෙන් ඇතුල් උන කිහිපදෙනෙක් කලබලෙන් අපි දිහාට එනකොට එයා අත දික් කරලා ළඟට එන්න එපා කියලා සංඥා කරා.

"මනුස්සයෙක්"

එයාලා පුදුමෙන් පළිගු වගේ ඇස් වලින් මා දිහා බැලුවා.

"එයාව බේරගන්න බැරි වෙයිද ජිමින්..... අපේ එකා එයාට ගොඩක් තුවාල කරලද?"

🩸 SWEET SCENT OF BLOOD 🩸 || PJMWhere stories live. Discover now