🩸Chapter4🩸

43 12 7
                                    

මගේ අත අතහැරපු ජිමින් දොර වහලා අගුල දැම්මා. අඩු ගානෙ යනවා කියලවත් කිව්වෙ නෑ.

මම ඒ ලොකු කාමරයෙ තනි උනා. ජනේලය ගාවට ගියපු මම තිර රෙද්ද මෑත් කරලා බැලුවා..

අවසානයක් නොපෙනෙන අඳුරු වගුරෙ පියාඹන කනා මැදිරි එලි දහස් ගනන් මට පෙනුනා. මේ මම ගෙදරින් පිට ගත කරන පළවෙනි රැය...

මගේ අම්මා නිදි මරන් අඬනවා. ඇති තාත්තා මාව පිස්සුවෙන් වගේ හොයනවා ඇති. අනේ මට එයාලා ගාවට යන්න ක්රමයක් තිබ්බ නං .... දුකටයි කේන්තියටයි මැදි වෙලා හිටපු මම ඇඬුවා.

ද්මම දන්නෙ නෑ හෙට දවසෙ මට මොනවා වෙයිද කියලා... සමහර විට වැම්පයර් කෙනෙක් මාව මරලා දාන්නත් පුළුවන්. ගොඩක් වෙලා හිත හිත හිටපු මට නින්ද ගියේ දන්නෙවත් නැතුව..

පහුවෙනිදා උදේ නැගිටිනකොට මම හිටියෙ ජන්ලෙ ගාව බිම නිදියන්. අත පය හරි ඇරලා මං නාන කාමරයට ගියා.

බිත්තියෙ තිබ්බ ලොකු කණ්නාඩියෙන් මගේ බෙල්ලෙ තිබුන තුවාලය බැලුවෙ අඩු තරමෙ පුංචි දැවිල්ලක් වත් නැති නිසා. පුදුමයි... තුවාලෙ සම්පූර්ණයෙන් හොඳ වෙලා තිබුනා.

ආපහු කාමරයට එනකොට දැක්කා උදේ කෑම එක කාමරේ ගෙනත් තියලා තියනවා. ඒ එක්කම පුංචි කොළ කෑල්ලකුත් තිබ්බා.

' මම ගමනක් යනවා. වුවමනාවක් උනොත් සෙලීනට කතා කරන්න. කාමරයෙන් එලියට එන්න සම්පූර්ණයෙන් තහනම්'

ඒ කියන්නෙ ජිමින් මම නාන කාමරේ ඉන්න අතරෙ ඇවිත් තියනවා. හේතුවක් නැතුව මට දුක හිතුනා. මට එයාව තව පාරක් දකින්න ඕන උනා.

අඩු ගානෙ එයා කොහෙද ගියේ කියලවත් දැනගන්න තිබුන නම්. මට මතක් උනේ සෙලීනව... එයා දන්නවා ඇති මේ සේරම අනික මේ තමයි හොඳම වෙලාව සෙලීනගෙන් මට ගෙදර යන්න උදව් ඉල්ලන්න. යතුරු හෙලවෙන සද්දයක් ඇහුන නිසා මගේ ඇඟ සීතල උනා. මට මතක් උනේ මගේ ලේ රස වැටිලා ඉන්න ජන්කුක්ව.

"මම කාමරයට එන්නද රියා"

මම සැනසුම් සුසුමක් පිට දැම්මෙ සෙලීනගෙ හිනාවෙන මූණ දැකලා.

"සෙලීනා... මම ඔයාව මතක් කළා විතරයි. "

"මට ඒක දැනුන නිසා තමයි ආවේ. "
සෙලීනා මා ගාවින් වාඩි වුණා. එයාගෙ ඇගේ සීතල මට හොඳටම දැනුනා.

🩸 SWEET SCENT OF BLOOD 🩸 || PJMWhere stories live. Discover now