🩸Chapter9🩸

50 9 4
                                    

"ජීහු! තමුසෙට වැඩ තියෙන්නෙ මෙහෙ නෙවෙයි නෙ..... අහකට යනවා රියා ළඟින්"

කොහෙන්දෝ මතු උන සුකි කේන්තියෙන් කෑ ගැහුවා. එතකොටයි මම කට්ටිය හරියටම අඳුරගත්තෙ.

"ජීහු... ඔයා මෙහෙ?"

මං බොහොම අමාරුවෙන් වචන ගැලපුවා. මගෙ බෙල්ලයි අත්දෙකයි පිරික්සපු ජීහු මගේ ඔළුව අතගෑවා.

"දෙවියො ඔයාව ආරක්ෂා කරලා රියා"

ජීහු සමච්චලයට හිනා වෙමින් බැලුවෙ හුණු කූරක් වගේ අපේ ඉදිරියෙන් හිටගෙන ඉන්න සුකි දිහා. ජොහානගෙ දීප්තිමත් ඇස් වල අභියෝගාත්මක පෙනුමක් තිබුණේ.

"යක්ෂයගෙ පුතෙකුට ආදරය කරලා අපිරිසිදු උන පව්කාරි..... අපේ සැකය හරි උඹලා තමයි මේ අහිංසකීව හිරකරගෙන තියන් හිටියෙ. මේවට වන්දි ගෙවන්න වෙයි"

"කිසි දෙයක් නොදැන මෝඩයෙක් වගේ කියවන්න එපා ජීහු. අපෙන් නෙමෙයි රියාට අනතුරක් තියෙන්නෙ ජන්ග්කුක්ගෙන්"

ජිහු වගේම එයාගෙ යාළුවො හැමෝමත් සුකි දිහා බලන් හිටියෙ කුණු ගොඩක් දිහා බලනවා වගේ අප්පිරියාවකින්.

"ඒ කොහොම උනත් තමුසෙලා රියාව හිරකරගෙන හිටියනෙ.... "

ලියෝ ගිගිරුවෙ ඉහවහා ගිය තරහින්.

"මොකටද මේ කෙල්ලව පැහැර ගත්තේ? ඉස්කෝලෙදි උඹ මෙයාගෙ හොඳම යාළුවා නේද සුකි? උඹට ඕනෙ මේ කෙල්ලත් උඹ වගේම පිසාචයෙක් වෙනවා දකින්නද?"

"ඕක නවත්තනවද?"

බලන් ඉදලා බැරිතැන මම කෑ ගැහුවා.

" මෙයාලා මාව පැහැරගත්තෙ නැහැ. මමයි මෙහෙට ආවේ. මම මේ වෙනකල් ජීවත් උනේ වැම්පයර්ලා නිසා. එයාලා මාව ආරක්ෂා කලා "

"ඒවා අපිට වැඩක් නෑ .... ඔයාව අපි දැන් මෙහෙන් අරගෙන යනවා"

මං අකමැත්තෙන් දඟලද්දි ජීහු මාව දෝතට ගත්තා. සුකි හැදුවෙ ජිහුව්ද් නවත්තන්න... ඒත් ජීහුගෙ යාළුවො අතර තනිවුන සුකිට මාව ජිහුගෙන් වෙන් කරන්න තරම් බලයක් තිබුනෙ නැහැ.

"ජිහු... කරුණාකරලා මාව බිමින් තියනවා"

දඟලලා බිමට පනින්න ගත්තු හැම උත්සහයක්ම ජිහුගෙ දරදඬු බාහු මැද දුර්වල උනා.

🩸 SWEET SCENT OF BLOOD 🩸 || PJMWhere stories live. Discover now