🩸Chapter8🩸

50 10 4
                                    

"රියා!"

එයා තරහින් කෑ ගැහුවා. මම යටිතොල හපාගෙන බිම බැලුවා.

"මට සමාවෙන්න"

ජිමින් හීනි හඬින් මිමිනුවා. මගේ අතින් අල්ලගත්තු ජිමින් ආපහු ගියේ ගේ පැත්තට.

ඒ යනකල් එක වචනයක් වත් මං එයා එක්ක කතා කළේ නැහැ. මම දැක්කා අපි යන අතරතුර එයා මා දිහා කීප සැරයක්ම ඇස් කොනින් බලනවා.

ජිමින් හිතන්නෙ මම එයාට ආදරේ කරන නිසා මගේ ජීවිතයෙ සතුට නැතිව යයි කියලා ඒත් එයා දන්නෙ නැහැ එයාට ආදරේ නොකළානම් මට සතුටු වෙන්න කිසිම හේතුවක් නැහැ කියලා.

අපි ගේ ඇතුළට එනකොටම පපුව අත්දෙක බැඳන් හිටපු ටාරා එක එල්ලේ බැලුවෙ ජිමින්ගේ අතේ පැටලිලා තිබුන මගේ අත දිහා. මං දැක්කා එයා කේන්තියෙන් දත්මිටි කනහැටි. මොනවා උනත් ටාරා කියන්නෙ මගෙම අක්කා නේද කියලා මතක් වෙද්දි හිතට පොඩි දුකක් නොදැනුනාම නෙවෙයි.

ඒත් ටාරගෙ හදවතේ මට ඉඩක් නැත්නම් මගේ හිතෙත් ටාරාට ඉඩ නැහැ.

"ජිමින්!"

කලබලෙන් වගේ අපි ගාවට දුවගෙන ආව ටාරා ජිමින්ගෙ වම් අතින් එයාව ඇදලා ගත්තා. මගේ අතින් ජිමින්ව ගිලිහිලා යද්දි ටාරගෙ ඇස් බැබලුනා.

"ජිමින්.... ජන්ග්කුක් කඳුකරේට පැනලා ගිහින්"

"කඳුකරයට!"

"ඔව් ජිමින්... එයාට හැංගිලා ඉන්න හොඳම තැන එතැන. වැම්පයර් දඩයක්කාරයන්ගෙන් අපිට උදව්වක් ගන්න පුළුවන් නං වැඩේ ලේසි වෙයි. ඒත් මේ කෙල්ල නිසා ඒකත් බැහැනේ"

ජිමින් වගේම ටාරත් මා දිහා බැලුවා. කතාව ඇත්ත වැම්පයර් දඩයක්කාරයො මගේ අතුරුදහන් වීමට සැක කරන්නෙ ජිමින්ලව.

ඒ නිසා එයාලා වැම්පයර්වරු එක්ක ඉන්නෙ කේන්තියෙන්.

"අපි මෙයාව ඒගොල්ලන්ට දීලා දාමු ජිමිම්. එයාලා ලඟ මේ කෙල්ලට ආරක්ෂාවත් තියනවනෙ. එතකොට අපිට පුළුවන් ජන්ග්කුක් කොටු කරගන්න"

ජිමින් ටික වෙලාවක් කල්පනා කළා. ටාරා හිටියෙ ජිමින් ලඟටම වෙලා. පෙනුමෙන් නම් එයාලා හොඳට කැපෙන වැම්පයර් ජෝඩුවක්.

🩸 SWEET SCENT OF BLOOD 🩸 || PJMWhere stories live. Discover now