🩸Chapter7🩸

61 12 14
                                    

මාව ඔසවාගත්තු ජිමින් හිමින්සැරේ මාව ඇඳ උඩින් තිබ්බා.

ජනෙල් අතරින් පෙරිලා ආපු හඳ එලියෙ දඟ කරපු සෙවනැලි වලින් හැඩ උනු යහන අද කවදාටත් වඩා ලස්සනට පේනවා. මගේ ඇස් වල කිමිදුන රතු ඇස් හිමිකාරයා එයාගෙ සීතල ඇඟිලි වලින් මගේ මූණෙ තිබුන කෙස් රැල්ලක් කන පිටිපස්සෙ රැදෙව්වා.

හඳ එළිය යන්තමට පතිත උන ඒ මුහුණ, මී දුමේ පිපෙන කුමුදු මලක් වගෙයි පෙනුනේ.

"ඇයි දෙවියො මට මේ තරම් කරුණාවන්ත උනේ?"

එයා මිමිනුවෙ හිස් තැනක් නොතියාම මගේ මුහුණ හාදු වලින් ආක්‍රමණය කරන ගමන්.

"ඇයි ඔයා මට ආදරේ?"

මං එයාව ඇඳේ පෙරලන් සීතල පපුව උඩ හරිබරි ගැහිලා තුරුල් උනා. එයාගෙ පපුව නිහඬයි.

"ඔයා හැමදේම වෙනස් කළා රියා. පසුගිය අවුරුදු පන්සීයක මට නොලැබුන ආදරය මම හොයාගත්තෙ ඔයා ළඟින්. "

"පන්සීයක්.... !!"

"ම්ම්ම්.... "

" ඒත් ඔයා හොඳ තරුණ පෙනුමට ඉන්නෙ"

එයා හිනා උනා. මම ඒ හිනාවෙ අතරමං වෙන තරමටම දැහැන්ගත උනා.

"වැම්පයර්ලා වයසට යන්නේ නෑනේ... එයාලා අමරණීයයි. රිදී වලින් අපිව අඩපණ කරන්න පුළුවන් උනත් විනාශ කරන්න පුළුවන් ගින්නෙන්, ශුද්ධවූ ජලයෙන් "

"එතකොට ජන්කුක්... "

ඒ නරුම පිසාචයව මතක් වෙද්දිත් ඇඟ සීතල වෙනවා.

"ඌ ගැන බලාගන්න මම ඉන්නවා"

ජිමින්ගේ තුරුලෙ ඉද්දි මට දැනෙන්නෙ මුළු ලෝකෙන්ම ආවරණය වෙලා ඉන්න පුළුවන් ආරක්ෂාවක් . මට මතක නෑ මම එයා එක්ක මොන මොන දේවල් කියෝ කියෝ හිටියද කියලා අන්තිමේදී මට ඒ සීතල පපුව උඩම නින්ද ගියා.

මට ආපහු ඇහැරෙනකොට එයා මා ගාව හිටියෙ නැහැ. මම කලබල උනේ එයාව හොරු ගෙනිහින් වගේ. එයා එළියට ගිහින්. නාන කාමරේ වතුර මල යටට ගිය මම හිතේ හැටියට තෙමුනා. ජන්කුක්ගෙ වෙච්ච එක සීරුමක් වත් මගේ ඇඟේ තිබුනෙ නැහැ. අඩු ගානෙ පැල්ලමක් වත්... කණ්නාඩියෙන් පේන මගේම රුව ඇරුනකොට තවත් කෙනෙක් පපුවේ අත් බැඳගෙන මා දිහා බලන් හිටියා. උන්නු තැන පවා අමතක උන මගේ ඇග දහඩියෙන් තෙමිලා ගියා. ජන්කුක්!! ඒ විකෘති උන රකුසු මුහුණ හැරිලා තිබුනෙ මා දිහාවට. ඒ සැනින් තුවාය ඇග වටේ පටලගත්තු මම පිටිපස්ස හැරිලා බැලුවා.

🩸 SWEET SCENT OF BLOOD 🩸 || PJMWhere stories live. Discover now